කොළඹ නාටාමිවරුන් වර්ජනයක

natami-petta

බඩු පැටවීම හා බෑම සඳහා තමන්ට ලබාදෙන කුලිය රු. 15ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා කොළඹ නාට්ටාමිවරු විරෝධතාවක නිරත වුහ.

මේ වන විට ඔවුන්ට ලැබෙන කුලිය එක් කෑල්ලකට රු. 6, සිට රු. 8 දක්වා වන බවත් මෙම කුලිය 1989 වසරේ සිට මේ දක්වා වෙනස් වී නැතැයි ඔවුන් චෝදනා කරන අතර, රජයේ හා පුද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ට අවුරුද්දක් පාසා වැටුප් වැඩි වන බව ඔවුන් සඳහන් කරයි.

වර්තමානයේදී තම ජීවන වියදම් හමුවේ තම දරු පවුල් මෙම මුදලින් නඩත්තු කිරීමට අසීරු බවත් තමන්ට අන් අයට මෙන් බෝනස් හෝ උත්සව අත්තිකාරම් ද නැති බව සඳහන් කරයි.