ප්‍රොටෙක්ට් සංගමයේ මූලිකත්වයෙන් යුනියන් හා සිවිල් සංවිධාන කාන්තා හිංසනය පිටු දැකීමට එක්වෙයි

ප්‍රොටෙක්ට් සංගමයේ මූලිකත්වයෙන් යුනියන් හා සිවිල් සංවිධාන කාන්තා හිංසනය පිටු දැකීමට එක්වෙයි
ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16 විශේෂ වැඩසටහනේ ආරම්භක දිනය සනිටුහන් කරමින් ප්රොටෙක් වෘත්තීය සමිතිය විසින් C190 සහ C189 සම්මුතීන් අපරානුමත කර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (25) ජානකී හෝටල් ශ්රවනාගාරයේදී පැවැත්විය.
 
එම අවස්ථාව සඳහා රාජ්ය අංශය,පෞද්ගලික අංශය,අවිධිමත් ක්ෂේත්රය නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක් හා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකුද සම්බන්ධවී සිටියහ.
 
ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16 ඇතුළත කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි සිදුවන ප්රචණ්ඩත්වය මුලිනුපුටාදැමීම වස් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ලෙස ඒකරාශි වී සිදුකරන ක්රියාකාරකම් හා මාධ්ය තුළින් ඒවා ජනගත කරමින් පොදු සමාජය දැණුවත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද මෙම අවස්ථාවේදී සාකච්ඡා විය
 
 
එම අවස්ථාවේ විශේෂ ඡායාරූප කිහිපයක් පහතින්...
 
DSCF0766
 

DSCF0772

DSCF0781
 

DSCF0782