අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

අකුරුට වැඩ කරන විදුලි ඉංජිනේරුවරු නඩත්තු කටයුතුවලිනුත් ඉවත් වෙති

මේ වනවිට අකුරට වැඩකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරු  (01) දින සිට නඩත්තු කටයුතුවලින්ද ඉවත් වීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම් ධම්මික විමලරත්න පවසයි.

ඒ අනුව අද පස්වරු 4.30 සිට විදුලි ඉංජිනේරුවරු සියලුම නඩත්තු කටයුතුවලින් ඉවත් වී ඇත.

මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේක්ෂණ අංශය භාර ජ්‍යෙෂ්ඨ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔවුන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතියේ ලේකම්වරයා පවසයි.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවූ අතිරේක ලේකම්වරු දෙදෙනාගෙන් සම්ප්‍රේක්ෂණ භාර අතිරේක සමාන්‍යාධිකාරීවරයා ඉතාම වගකීමෙන් අවංකව රාජකාරි කරන නිලධාරියෙකු බවත් ඔහු පැවසුවේය.