ගෑස් බෙදාහරින්න පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

litro-laugfs-gas

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව (05) දින සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් (04) දින නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

නව කොන්දේසි අනුව

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම,

නව තොග නිකුත් කිරීමට පෙර ප්‍රමිතියට අනුකූලව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීමටත්

ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම 100 කින් එකක්ම පරීක්ෂා කර අංකනය කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාරදීම, යන කොන්දේසි පනවා ඇත.

මෙම කරුණු සපුරා ගැනීම සඳහා සහ ගෑස්වල ගුණාත්මකභාවය සොයා බැලීම සඳහා පත් කළ කමිටුව දැනුවත් කිරීමෙන් පසු එම කමිටුවේ අධීක්ෂණයෙන් ගෑස් කිරීමටත් එම කමිටුවට ඕනෑම අවස්ථාවක ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය පරික්ෂා කළ හැකි ආකාරයට අදාල සමාගම් කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.