ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් රජයේ නිලධරියකුට පහරදීමට තැත් කර තර්ජනයා කරලා

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් රජයේ නිලධරියකුට පහරදීමට තැත් කර තර්ජනයා කරලා

 කුලියාපිටිය (බටහිර) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ආර්ථික සංවර්ධන නිලධාරින්ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සමන්ප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට අයත් ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරුන්ද සහිතව 2022.01.04 දින ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් ඇතුළු පිරිස පහර දීමට තැත් කිරීම, තර්ජනය කිරීම හෙලා දකිමින් හා ඒ සම්බන්ධව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ රජයේ නිලධාරින්ට රාජකාරි කිරීම සඳහා දේශපාලන අධිකාරියේ අවධානය යොමුකරවන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ,

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සමන්ප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට අයත් ආණ්ඩුපක්ෂ මන්ත‍්‍රීවරුන්ද සහිතව 2022.01.04 දින කුලියාපිටිය (බටහිර) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී විශේෂ රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීම සඳහා රජය නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ලෙස, ආර්ථික සංවර්ධන නිලධාරීන් ද ඊට සහභාගි වී ඇත.

මෙම රැස්වීමේ දී ආර්ථික සංවර්ධන නිලධාරීවරයෙකු විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් අනතුරුව ඊට කෝපාවිෂ්ඨ වූ ඉහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පහර දිමට උත්සහ කිරීම, බැණ ජීවිත තර්ජනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීම දැඩි ලෙස හෙලා දකිමු.

2022 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රජයේ සංවර්ධන යෝජනා හා ජීවනෝපාය සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2022.01.04 දින රැස්වූ හමුවේ අරමුණ වූ බව වාර්තා වේ. දේශපාලඥයින් විසින් අදහස් දැක්විමෙන් අනතුරුව අදාළ ව්‍යාපෘති යෝජනා පිළිබඳ ගැටළු ඇත්නම් ඒ පිළිබඳව අදහස් දැක්වීමට ආර්ථික සංවර්ධන නිලධාරීන්ට අවස්ථාව ලබා දී ඇත.

වත්මන් ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණමින්, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලමින්, ජනතාවට ජීවත් වීමට බැරි තරමට බඩුමිල හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ දමමින්, කෘෂි කර්මාන්තයට සිදු කර ඇති අපරාධය වැනි කරුණු මත ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලඥයින්ට පවතින ජනතා විරෝධය හේතුවෙන් ග්‍රාමීය කමිටු කැඳවා අදාළ යෝජනා ලබාගෙන පොදු එකඟතාවයකින් අදාළ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ජීවනෝපාය සංවර්ධන පහසුකම් හා ආධාර ලබාදීමට හැකියාවක් නොමැතිකමින් තම තනි අභිමතයට තම පෞද්ගලික හිතවතුන්ට ප්‍රධානය කිරීම රජයේ මුදල් නිවැරදි හා අපේක්ෂිත අරමුණට නොයොදවන්නක් බවට පත්වෙමින් පවතී.

ජීවනෝපාය සංවර්ධන යෝජනා අනුව ආධාර ලබාදීම සඳහා අදාළ ග්‍රාම නිලධාරි වසමේ සුදුසු අය තෝරාගැනීමේ අවස්ථාව ග්‍රාමීය කමිටුවට ලබාදිය යුතු බව අදාළ ආර්ථික සංවර්ධන නිලධාරීවරයා විසින් අදහස් දක්වමින් රජයේ ප්‍රතිපත්ති තීරණය පිළිබඳ අවධානය යොමුකර ඇත.

එම යෝජනාවට කුපිත වූ උක්ත මන්ත්‍රීවරයා ඇතුළු දේශපාලඥයින් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පහරදීමට උත්සහ කිරීම ඇතුළු තර්ජනයන් සිදු කර ඇත.

එක් වසමකට ජීවනෝපාය සංවර්ධන යෝජනා සඳහා ආසන්න වශයෙන් රු. ලක්ෂ 12ක පමණ මුදලක් වෙන් වන අතර අවම වසම් 03ක් සහිත කොට්ඨාශයක ජීවනෝපාය සංවර්ධන හා ආධාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 36 කට ආසන්න මුදලක් වෙන් කරනු ඇත. එම මුදල් ජනතාවගේ මුදල්වන අතර රාජ්‍ය සේවකයින් ජනතාවගේ මුදල්වලින් වැටුප් ලබාගෙන රාජකාරී ඉටු කරනුයේ ජනතා මුදල් වඩා නිවැරදිව, ඵලදායී හා නිසි කළමනාකරණයකින් මහජන අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ය.

එසේ වීම වළක්වා මුදල් අවභාවිතා කිරීම හා තම පුද්ගලික හිතවතුන් අතර රජයේ මුදල් බෙදා ගැනීමට මාන බලන පුද්ගලයින්ට ඉහත සිදුකරන ලද වර්ගයේ යෝජනා නොගැළපෙන බව අපි දනිමු.

2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සමන්ප්‍රිය හේරත් මහතා ඇතුළු පිරිස රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී අවස්ථාවකට රාජ්‍ය ආයතනයක් තුළ සිදු කළ එම අනීතික ක්‍රියාදාමය හෙලා දකින අතර එවැනි සිදුවීම් යළි ඇති වීම වැළැක්වීමට පියවර ගැනීම,

3. රාජ්‍ය නිලධාරීන්ට වෘත්තීය ගෞරවයක් සහිතව බාධාවකින් හා බියෙන් සැකෙන් තොරව රාජකාරී කිරීමට සුදුසු වාතාවරණයක් සහතික කිරීම,

4. මෙම සිදුවීම හරහා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන් විවිධාකාරයේ දේශපාලන පළිගැනීම් සිදු කිරීමට උත්සහ දරන්නේ නම් එවැනි තත්වයන් වැළැක්වීමට පියවර ගැනීම,

5. ජීවනෝපාය සංවර්ධන යෝජනා ඇතුළු සියලූ සංවර්ධන යෝජනා දේශපාලඥයින් තනි අභිමතයට තීරණය කිරීම වළක්වා අදාළ ග්‍රාමීය කමිටු හරහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරින්ට ලබාදීම ඇතුළු ඉල්ලීම් කෙරෙහි ඔබතුමා ඇතුළු රජයේ සියලූ බලධාරීන්ගේත්, දේශපාලන අධිකාරියේත් අවධානය යොමු කරමු.

කෙසේ වෙතත් අප සේවාවට අයත් නිලධාරීන්ට දිගින් දිගටම එල්ලවන මෙවැනි ආකාරයේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරියේ දී දැවැන්ත පියවරකට එළැඹීමට අප සූදානම් බව ද ඉතා කාරුණිකව දන්වා සිටිමු.