අධ්‍යාපන අමාත්‍යාංශය‍ට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්ට විශේෂ නිවේදනයක්!

අධ්‍යාපන අමාත්‍යාංශය‍ට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්ට විශේෂ නිවේදනයක්!

රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන (2020) යටතේ බඳවාගත් පුහුණු අභ්‍යාසලාභීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

ඉහත වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ගුරු විද්‍යාලවල, ගුරු මධ්‍යස්ථානවල සහ ඇමුණුමෙහි සඳහන් ජාතික පාසල්වල පුහුණුව ලබා, 2022 ජනවාරි මස 03 දින සිට ස්ථිර පත්වීම් ලැබූ, අධ්‍යාපන අමාත්‍යාංශය‍ට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්, තම ස්ථිර පත්වීම් ලිපි ලබාගැනීම සඳහා පහත සඳහන් දිනයන්හි බත්තරමුල්ල, “ඉසුරුපාය”, පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටී.

02.       තවද, ඔබ පැමිණෙන විට ජාතික හැඳුනුම්පත සහ 2021 දෙසැම්බර් මස 31 දිනට පුහුණුව ලබමින් සිටි බවට තහවුරු කිරීම සඳහා ආයතන ප්‍රධානියා වෙතින් ලිපියක් රැගෙන පැමිණිය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

උපාධිධාරියා / ඩිප්ලෝමාධාරියා පුහුණුව ලැබූ දිස්ත්‍රික්කය

පැමිණිය යුතු දිනය
කොළඹ, මාතර 2022 ජනවාරි 11
හම්බන්තොට, කෑගල්ල, බදුල්ල, රත්නපුර, මාතලේ 2022 ජනවාරි 12
මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව 2022 ජනවාරි 13
වවුනියාව, මන්නාරම, ගම්පහ, ගාල්ල 2022 ජනවාරි 18
අම්පාර, මොණරාගල, පුත්තලම, කළුතර 2022 ජනවාරි 19
කුරුණෑගල, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, නුවරඑළිය, මුලතිව් 2022 ජනවාරි 20
ඇමුණුමට අදාළ ජාතික පාසල් ලැයිස්තුවට මෙතැනින් පිවිසෙන්න....