පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බව හාම්පුතුන් පවසති

cef-nimal

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට  ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන  අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10)  සාකච්ඡාවකට කැඳවා තිබුණි.එම සාකච්ඡාව කම්කරු අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි.

මෙම සාකච්ඡාවේ දි  අදහස් දැක්වූ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ පසුගිය සමයේදී මේ රටේ කර්මාන්ත හා සේවා අංශය බිඳ නොවැටී පවත්වාගෙන යාමට තමන්ට විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදු වූ බව ය.එසේම අපනයන කටයුතු වල  පැන නැගී ඇති විවිධ අපහසුතා නිසා මේ වන විට අපනයනයන් හි ආදායම ද පහත වැටී ඇති බවය.රේගු ගාස්තු වැඩිවීම,බහාලුම් පැමිණීමේ අඩුවීම්,නිෂ්පාදන වියදම් වැඩිවීම,අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම,රජය ලබාදුන් ණය සහන සීමාව මාර්තු මාසයේදී අවසන් වීම,බැංකුවල කරන අධික පොලි ගැටලුව වැනි කාරණා නිසා මේ වන විට  මෙරට කර්මාන්ත හා සේවා අංශය බරපතළ ආර්ථික අර්බුදයක හිර වී ඇති බව මෙහි දී අදහස් දැක්වූ සේවය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා පෙන්වා දුන්නේය.

මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පවතින ආර්ථික අපහසුතා තත්ත්වය මත පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසියම් ආකාරයක දීමනාවක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීමට කටයුතු කරන ලෙසයි.පවතින තත්වය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් සේවකයා මෙන්ම හාම්පුතුන් ද ආරක්ෂා කරගත යුතු යන්න ඇමැතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.එම නිසා මෙහි දි ඉදිරිපත් වූ කරුණු පොදු ලියවිල්ලක් මගින් තමාට ලබා දෙන ලෙසත් එය අමාත්‍ය මණ්ඩල සංදේශය ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බව ඇමැතිවරයා මෙහි දී පැවසීය.

මෙම සාකච්ඡාවට නිදහස් වෙළඳ කලාප,කුඩා කර්මාන්ත ,සංචාරක හෝටල් ,ආරක්ෂක සේවා ,සුළු හා මධ්‍ය පරිමාණ අංශය,දේශීය නිෂ්පාදන අංශය,ඉදිකිරීම් අංශය ඇතුළු මෙරට සේවා හා නිෂ්පාදන අංශයන් හි සේවායෝජක නියෝජිතයෝ සහභාගි වූහ.

මෙහිදී හාම්පුතුන්ගේ සම්මේලනය අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතාගේ මහතාද අදහස් දැක්වීය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූහ .

cef nimal