ඛනිජ තෙල් පිරිපහදුව ආරක්ෂා කර ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලයි

ඛනිජ තෙල් පිරිපහදුව ආරක්ෂා කර ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලයි

නිසි වෙලාවට බොරතෙල් ආනයනය කිරීමට අපොහොසත්වීම නිසා පිරිපහදුවේ නිශ්පාදන කටයුතු පූර්ණ ලෙස අඩාල වීම පිළිබඳව පැමිණිලි කරමින් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය විසින් ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, පිරිපහදුව බිදවැටීමට බලපාන වගකීම් විරහිතව කටයුතු කළ වගකිවයුත්තන් පිළිබදව පූර්ණ සහ විධිමත් පර්යේෂණයක් සිදුකොට, පිරිපහදුවේ පැවැත්ම මෙන්ම එහි සේවක සුරක්ෂිතතාවය ඇතිකිරීමට කටයුතු සලසන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නිසි වේලාවට බොරතෙල් ආනයනය කොට පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම, පිරිපහදුවේ ඉහළ කලමනාකාරිත්වයේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්තථාවෙත්, ඛනිජ තෙල් අමාත්‍යංශයේත් ප්‍රමුඛ තම කාර්‍යාභාරයක් ලෙස සලකා ඒ වෙනුවෙන්ම සැකසූ නිලධාරී පලන රටාවක් පවතිද්දී මේ වනවිට නිසි වෙලාවට බොරතෙල් ආනයනය කිරීමට අපොහොසත් වීම නිසා පිරිපහදු ක්‍රියාවලිය පූර්ණ ලෙස බිදවැටී ඇත.

මෙය ඛනිජ තෙල් නීතිගත සංස්තථාවෙත්, රටේත් ආර්ථිකයට බලපාන සාහාසික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හැගීයන කරුණු අප ඉදිරිපස දිගහැරෙමින් පවතී. මෙය ඍජුවම පිරිපහදුවේ සහ පිරිපහදු සේවකයින්ගේ අනාගත සුරක්ෂිතතාවයට බලපාන කරුණක් බැවින් මෙම බිදවැටීමට බලපාන වගකීම් විරහිතව කටයුතු කළ වගකිවයුත්තන් පිළිබදව පූර්ණ සහ විධිමත් පර්යේෂණයක් සිදුකොට, පිරිපහදුවේ පැවැත්ම මෙන්ම එහි සේවක සුරක්ෂිතතාවය ඇතිකිරීමට කටයුතු සලසන ලෙස ඉල්ලමි.

මෙම ඉල්ලීම සිදුකරනු ලබන්නේ තම ඉතිහාසය තුල ඛනිජ තෙල් නීතිගත සංස්තථාව ලාබ ඉපයීමට තිබූ ශක්තිමත් දේශීය ජාතික නිශ්පාදන යන්ත්‍රාගාර ගණනාවකට සැලසුම් සහගතව මෙන්ම කුමන්ත්‍රණකාරී ලෙස අත්පත්කරදුන් සෝචනීය ඉරණම සම්බන්ධ අප විධායක සභාව සතුව පවතින අත්දැකීම් මත බව පෙන්වා දෙමි.

උදා-: නයිලෝන් 6 යන්ත‍්‍රාගාරය. යූරියා පොහොර නිපදවීමේ යන්ත්‍රාගාරය, කෘමි නාශක සහ වල්නාශක යන්ත්‍රාගාරය, ලිහිසි තෙල් යන්ත්‍රාගාරය ආදී ලෙස.