සුරාබදු දෙපාර්තමේන්තුවටත් තට්ටු කරයි?-වෘත්තිය සමිති පෙළ ගැසෙයි 

  සුරාබදු දෙපාර්තමේන්තුවටත් තට්ටු කරයි?-වෘත්තිය සමිති පෙළ ගැසෙයි 
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත මගින් සුරාබදු දෙපාර්තමේන්තුව ස්වාභාවික මරණයකට පත්කිරීමට උත්සහ දරමින් සිටින බවට සුරාබදු වෘත්තීය සමිති එකමුතු චෝදනා කරයි.
 
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.
 
ඒ පිළිබඳ අදහස් දැක්වූ  සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සමලේකම් නිරෝෂ් ජයකොඩි මහතා, මෙසේද සඳහන් කළේය.
 
"මේ පනතට ලංකාවේ ආයතන 7ක බදු එකතුකරන්න දීලා මේ ගොල්ලෝ. මේ තියන ආයතන 7ක බදු වර්ග 08ක් එකතුකරලා. කවුද මේක එකතුකරන්න පත්කරලා තියෙන ආයතන ? මුදල් අමාත්‍යාංශය නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් තියෙන ආයතනයක්. මේ දහස් ගණනක් එකතුකරපු එක, එක ආයතනයක් එක්කෙනෙක්. මේකේ පැහැදිලිවම 9.1 වගන්තියේ සඳහන් වනවා. මේ පනතේ කාර්ය සඳහා නම්කරන ලද නිලධාරියාගේ නමින් විවෘත කර පවත්වාගෙන යනු ලබන  ගිණුමක් වෙත සෘජුවම ගෙවනු ලැබිය යුතු අතර එම ගෙවීම ඒකාබද්ධ අරමුදලට බැරවිය යුතු බව සැලකිය යුතුයි. නිලධාරියාගේ නමින්. තනතුරට නෙවෙයි. මෙන්න මේක තමයි අපහැලි පළමු තැන.මේ නම් කරන ලද නිලධාරියයි එයාගේ කර්යමණ්ඩල වැරදි කළොත් ඒ අය වෙනුවෙන් සිවිල් හෝ අපරාධ නඩුවක් වැටුණොත් එයාලට ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලේ සල්ලිවලින්. දැන් මම සුරාබදු නිලධාරියෙක් හැටියට මම රාජකාරි කරලා මගේ වපසරියෙන් පිට වැඩ කළොත් එයාට වන්දි ගෙවන්නේ තමන්ගේ මුදලින්. හැබැයි මේ අය කරන ඒවාට ගෙවන්න ඒකබද්ධ අරමුදලින්. ඒකාබද්ධ අරමුදලේ සල්ලි කියන්නේ රටේ ජනතාවගේ සල්ලි,"