‘යළි අගුළු දැමීමකට ගියොත් මාසික වැටුපත් අහිමි වෙවි‘

dr-heamtha-hearth

අගුළු දැමීම සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්ව ඇත ද මේ වන විට එය පැනවීමට කිසිදු සැලසුමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත කියා සිටියේ ජනතාව තවත් රැල්ලකට ආරාධනා නොකරන ආකාරයට හැසිරිය යුතු බවයි.

“දැනට අපගේ උපාය මාර්ගය වන්නේ රට විවෘතව තිබියදී මෙම තත්ත්වය පාලනය කිරීමයි. අපි මෙවර අගුළු දැමීමකට ගියහොත් එය දෛනික ආදායම් ලබන්නන්ට පමණක් නොව මාසික ආදායම් ලබන්නන්ට ද අහිතකර ලෙස බලපානු ඇත,” වෛද්‍ය හේරත් අවධාරණය කළේය.

“එබැවින් කළ යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීමට සහ බූස්ටර මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගැනීමට වග බලා ගැනීමයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.