අභීත පාලකයෝ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අපි අද ලැජ්ජා වෙනවා.

අභීත පාලකයෝ හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අපි අද ලැජ්ජා වෙනවා.

ඕනෑම ගැටලුවක් සමග වෘත්තීමය ලෙස මැදිහත් වෙමින්, සාමූහිකත්වය ආරාක්ෂා කර ගනිමින් ගැටළු නිරාකරණය  කිරීම සදහා හැකියාවෙන් පරිපුන් සෞඛ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය ඇමතිවරුන් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන අද අපිට තියෙන්නේ ලැජ්ජාවක්. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ ගැටළුවක් සදහා විසදුම් ලබා දීම කෙසේ වෙතත්, අඩුම තරමින් මදිහත් වීමක් හෝ සිදු කිරීමට බිය, පෞරුෂයක් නොමැති, නොහැකියාව නිසාම අනවශ්‍ය ලෙස ප්‍රශ්ණ දිග් ගස්සා ගනිමින් සිටින තත්වයකට අද සෞඛ්‍ය අමාත්‍යාංශය පත්ව තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු, රවී කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (07) දින පැවැසීය.

ඔහු මේ බව පැවසූවේ වෘත්තීය සෞඛ්‍යෙව්දීන් ආරම්භ කර ඇති වර්ජනයට සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන් ලෙස වර්ජන කිරීම හේතුවෙන් මහජනතාවට ඇතිවන අපහසුව පිළිබදව අපි අතිශය ලෙස කණගාටු වුණත්, ප්‍රශ්ණවලින් පලා යන පාලකයන් ඉන්න රටක, අපට වෙන කිසිදු විකල්පයක් ඉතිරි වෙලා නැහැ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සේවාවන්ට බදවා ගැනීම් කරන්නේ අවුරුදු හතරක විෂේශ උපාධියකින්. එහෙමත් නැත්නම් උසස් ඩිප්ලෝමාවකින්. ආණ්ඩුවේ අළුත්ම ප්‍රතිපත්ති නිසා අපොස උසස් පෙලි රාජ්‍ය සේවයට ඇතුළුවෙන කෙනෙකුගේ වැටුපට වඩා ඒක අඩු වෙලා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළි ගන්නා සුදුසුකම් රාමුව ඉරලා විසිකරනකන්, අද අපේ රටේ වැටුප් කොමිසම අහක බලාගෙන ඉන්න තත්වයකට පත්වෙලා.

මෙහෙම ගියොත් රටට ප්‍රතිපත්ති කියලා දෙයක් නැති වේවි. මේ ගැටළුව අනාගතයට ඉතුරු නොකර විසදා ගැනීමට අපට වගකීමක් තිබෙනවා. සාකච්ඡා මගහරින පාලනයක් යටතේ අපිට ඉතිරිවෙලා තිබෙන එකම විකල්පය වර්ජනය බවට පත් වෙලා තියනවා. විසදුම් ලබා දෙන තුරු අපි මේ අරගලය අත හරින්නේ නැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.