සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්

කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස  වැඩ වර්ජන කිරීම වළාක්වාලමින්  කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ  මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා  එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව වාරණ නියෝගයක්  (10) දින නිකුත් කළේය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අනතුරුව ලබන 24 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියොගය කළ දිසාවිනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාරුවන්ට වැඩිදුරටත් නියෝග කළේය.