වතු කම්කරුවන් හැටන් නගරයේ විරෝධතාවයක

වතු කම්කරුවන් හැටන් නගරයේ විරෝධතාවයක

වතු කම්කරුවන්ගේ සාමූහික ගිවිසුම අලුත් කරන ලෙස බලකරමින් වතු කම්කරුවන් පසුගියදා හැටන් නගරයේදී විරෝධතාවයක නිරත විය.

ලංකා කම්කරු රතු කොඩි සංගමය සහ ලංකා වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර, හැටන් කම්කරු කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත්වන ලදි.

වතු කම්කරුවන්ගේ කම්කරු අයිතීන් කඩකිරීම වහා නවත්වන ලෙසත්, වතු කම්කරුවන්ට කොන්දේසි විරහිතව රුපියල් 1000ක් ගෙවන ලෙසත්, නැවත සාමූහික ගිවිසුම අලුත් කරන ලෙසත් ඉල්ලා සටන් පාඨ කියමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර, ඉන් අනතුරුව කම්කරුවන්ගේ ඉල්ලීම් ඇතුළුත් සංදේශයක් හැටන් කම්කරු කොමසාරිස්වරයා වෙත බාරදීමට කටයුතු කරන ලදි.