සෞඛ්‍ය වෘත්තීයවෙදීන් නැවතත් සටන් මඟට ?

සෞඛ්‍ය වෘත්තීයවෙදීන් නැවතත් සටන් මඟට ?
  • සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරු ඉටු කරලා නැහැ !
  • ලබා දුන් දින 14ක කාලය මාර්තු පළමු වැනිදා දිනෙන් අවසන් !
  • මාර්තු දෙවන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට හැර වෙනත් විකල්පයක් නැහැ !

සෞඛ්‍ය ඇමතිවරයා එකඟ වූ ඉල්ලීම් ඔහූගේම මේසය උඩ අතරමං වෙලා කියලා වාර්ථා වෙනවා. අපි විශ්වාස කරනවා සෞඛ්‍ය ඇමතිවරයා විවිධ බලපෑම් වලට නතු නොවෙමින්, තමන් පෙන්වමින් සිටින පෞරුෂය ආරක්ෂා කර ගනීවි යයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැදවුම්කරු රවී කුමුදේශ් මහතා (23) දින පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසූවේ, විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනාව විෂමතාවයන් වර්ධනය කර තිබෙනවා. ඒ යෝජනාව 6/2006 සුපිරි වර්ෂන් එකක්. හැමෝටම ගැලපෙන එක කියලා, හැන්ද අතේ තියාගෙන තමන්ටම ආයෙත් බෙදා ගන්න හදන්නේ. යොජනා කරන අයට 60000කට වඩා වැටුප් වැඩි කරනකොට, ආසාධාරණයට ලක් වෙලා ඉන්න සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට වැඩි වෙන්නේ 9000යි. ඒ ගොල්ලන්ට 90% වැඩිවීමක්, අනිත් අයට  වැඩිවීම 12%යි. සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමග ඇති කර ගත් එකගතා කිසිවක් මේ වනතුරු ඉටු කරලා නැහැ.

ඒ කෙසේ වෙතත්, අප විසින් ලබා දුන් දින 14ක කාලය මාර්තු පළමු වැනිදා දිනෙන් අවසන් වනවා. මාර්තු දෙවන දින සිට නැවත වර්ජනය ආරම්භ කිරීමට, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙන බවත්, විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඉදිරිපත් කර ඇති වැටුප් යෝජනව විෂමතාවයන් වර්ධනය කර තිබෙන බවත් කුමුදේස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටිනවා.