ශ්‍රේණි අනුව කාර්යය මණ්ඩලය නැවත අනුමත කරගනිමු

ශ්‍රේණි අනුව කාර්යය මණ්ඩලය නැවත අනුමත කරගනිමු

රාජ්‍ය සේවයට නැතිවම බැරි වෘත්තීය නිපුණතාවක් පැවති ලිපිකාර සේවය අද වන විට සමාන්තර සේවාවන් පහක් ඒකාබද්ධ කරමින් කළමනාකරණ සේවා නිලධාරී සේවය ලෙස රාජ්‍ය සේවයට කැපී පෙනෙන දායකත්වයක් එක්කර ඇත. සමස්ථ රාජ්‍ය සේවයටම බලපාන පසුබෑම් හමුවේ අපගේ සේවාවත් අකර්මන්‍ය කරන සැලසුම් හා ක‍්‍රියාදාමයන් වලට ගොදුරුවුයේ අප නින්දට ගිය මැදියම් රැයක නොවේ. 

සමාන්‍ය ලිපිකාර සේවය ඇතුළු සමාන්තර සේවාවන්, කළමනාකරණ සේවා නිලධාරී සේවය ලෙස වෙනස්විමේදී අපගේ සේවාවන්වලට, සුදුසුම සංවිධාන ව්‍යුහයන් හිතාමතා හෝ නොසැලකිලිමත්කම නිසා හෝ වෙනස්වීමේ අභාග්‍ය සම්පන්න කාරණාවන්ගේ  ප‍්‍රතිඵල සමස්ථ කළමනාකරණ සේවා නිලධාරී සේවයම භුක්ති විධිමින් සිටී. ඒ අනුව කළමනාකරණ සේවා නිලධාරී සේවයේ බිදවැටීම  සමස්ථ රාජ්‍ය සේවයටම බලපෑ ඇති බව නොරහසකි.

ශ්‍රේණි අනුව කාර්යය මණ්ඩලය අනුමත කර ගැනීමේ වැදගත්කම

  • රජයේ කාර්යාලයක අංශ ප‍්‍රධානී තනතුර එවකට දැරුවේ ලිපිකාර සේවයේ 1 පංතියේ නිලධාරීන්ය.
  • ලිපිකාර සේවයේ 11 ආ පංතියේ නිලධාරීන් 11 අ පංතියට උසස්වීම සඳහා 11 ආ පංතියේ කාර්යක්ෂමතා කඩයිම් විභාග හා 11 අ පංතියට උසස්වීමේ විභාගය සමත්විය යුතුය.
  • ලිපිකාර සේවයේ 11 පංතියේ නිලධාරීන් 1 පංතියට උසස්වීම සඳහා 11 අ පංතියේ කාර්යක්ෂමතා කඩයිම් විභාග හා 1 වන පංතියට උසස්වීමේ විභාගය සමත්විය යුතුය.

මෙලෙස ලිපිකාර සේවයේ 1 පංතියට නිලධාරියෙක් උසස්වන විට කාර්යාල කළමනාකරණය පිළිබඳ හසල දැණුමක් සේම,  කාරයාලය කටයුතු පිළිබඳ පරිණත දැනුමක්ද, වයස මුහුකුරා ගොස් ඇති නිසා පවතින සමාජය පිළිබඳ පරිණත දැනුමක්ද 1 පංතියේ ලිපිකාර සේවයේ නිලධාරීන්ට පැවතුණි. එබැවින් එම නිලධාරීන් කාරයාලයතුල පැවති සංවිධාන සැකැස්ම රැකගත්හ. එනිසාම ශ‍්‍රි ලංකා පරිපාලන සේවයේ, ගණකාධිකාරී සේවයේ ඇතුළු සියළුම දීපව්‍යාප්ත සේවාවන්ගේ,  නවක නිලධාරීන්ට කාර්යාල කටයුතු පිළිබඳ මුලික පුහුණුව ලිපිකාර සේවයේ 1 පංතියේ නිලධාරීන් (ප‍්‍රධාන ලිපිකරු) අතින් සිදුවිය.

කළමනාකරණ සේවා නිලධාරී නව සේවා ව්‍යවස්ථාව තුල කාර්යය මණ්ඩලයේ 1 ශේණිය, 11 ශේණිය හා  111 ශ්‍රෙණිය සඳහා වෙන් වෙන් වශයෙන් අනුමත කාරයය මණ්ඩලය නිරීක්ෂණය නොවීය. ඒ අනුව පසුගිය වසර 17ක කාලය තුල කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 1 ශේණියේ නිලධාරීන් නොමැතිව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන ගණනාවක්ද  නිරීක්ෂණය විය. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පරිණත නිලධාරීන් අවම මට්ටමක්වත් කාර්යාලය තුල අනුමත  නොවී පැවතීම නිසා එම ආයතනවල කාරයාල කටයුතු විසංවිධානකාරී තත්වයනට පත්ව තිබේ.

මෙහි ප‍්‍රතිඵලය වන්නේ සේවාලාභීන් රාජ්‍ය සේවය පිළිබඳ බිදවැටීමයි. රාජ්‍ය සේවයම ගොඩනැගී ඇත්තේ කාර්යාල පරිසරය කේන්ද්‍ර කරගනිමිනි. එබැවින් ඉතාවිශාල රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමේදී නිවැරදිව නිරවුල්ව කාරයාල පවත්වාගෙන යාම සඳහා පළපුරුඳු හා දක්ෂ කළමනාකරණ සේවා නිලධරීන්ගෙන් සමන්විත කාරයාලයක් නඩත්තු කිරීම වැදගත්ය.

පැවති දේශපාලන ආර්ථික හා සමාජීය දෙදරීම සමස්ථ රාජ්‍ය සේවයටම බලපාද්දී අපගේ සේවයට එම දෙදිරීම දෙගුණයකින් බලපෑවේ ශේණිගත උසස්වීම් සඳහා වෙන්කල කාරයය මණ්ඩල අනුමැතිය ඉවත් කිරීම නිසා බව පැහැදිලිය.

සෑම රාජ්‍ය අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම, කාර්යාලයකම මෙන්ම රාජ්‍ය ආයතනයකම කළමනාකරණ සේවා නිලධාරී සේවයට අයත් රාජකාරී හඳුනාගෙන කාර්යය මණ්ඩල සමාලෝචනයන් මඟින් ශේණි අනුව කාර්යය මණ්ඩල අනුමත කිරීම සුදුසු යැයි යෝජනා කරමි.

එතෙක් සියළුම රාජ්‍ය අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම, කාර්යාලයකම මෙන්ම රාජ්‍ය ආයතනයකම පවතින අංශ සඳහා අංශ ප‍්‍රධානී තනතුරු සඳහා හෝ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 1 ශේණියේ නිලධාරීන් යොදවන ලෙස ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලමි.