සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වරක් වර්ජනයක රතු එළි දල්වයි

සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වරක් වර්ජනයක රතු එළි දල්වයි
සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වරක් වැඩ වර්ජනයකට සූදානම් වෙන බව නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහහ් කළේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි.
 
ඒ අනුව වැටුප් විෂමතා ගැටළුව මුල් කර ගනිමින් මාර්තු 2 වැනිදා සිට දින දෙකක වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.