සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩ වර්ජනයෙන් ඉවත්වී නෑ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වැඩ වර්ජනයෙන් ඉවත්වී නෑ

සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් පසුගියදා ආරම්භ කළ වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තාවකාළිකව ඉවත්වීමට තිරණය ගෙන ඇති බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වර්ජනය අවසන් කිරීමේ තීන්දුවක් ගෙන නැතැයි එම සංගමයේ ප්‍රකාශකයෙන් වැඩබිමට පැවැසීය.

වැඩ වර්ජනය පිළිබඳ උසාවි තහනම් නියෝගයත්, වැඩවර්ජන තහනම් කරමින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් එකත් සැලකිල්ලට ගෙන ඉදිරියේදී ඒ පිළිබඳ සාකච්ඡා කර ප්‍රකාශයක් කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.