දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලෙස ඔබතුමා සමග සාකච්චාවක් කළද, එළඹී තින්දු තීරණ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති අතර, එම ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,
කාලයක් තිස්සේ පවතින අකාර්යක්‍ෂම හා දූරදර්ශී නොවන කළමනාකරණය නිසා දුම්රිය සේවයත්, දුම්රිය සේවකයාත් දැඩි අර්බුදයකට පත්කොට ඇති අතර, දිනෙන් දිනම දුම්රිය සේවය පරිහානියට පත්වෙමින් යන බව පෙන්වා දෙමු. 2021. 11. 25 දින දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලෙස ඔබතුමා සමග සාකච්චාවක් කළද, එළඹී තින්දු තීරණ කිසිවක් ක්‍රියාත්මක කර නැත. මේ තත්වය හමුවේ වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙස නිහඬව සිටීමට නොහැකි බව පෙන්වා දෙන අතර, පහත සඳහන් ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරවමු.
දුර්වල කළමනාකරණය හමුවේ දුම්රිය සේවය හෝ කිසිදු දුම්රිය සේවකයෙකු අගතියට පත්විය යුතු නැත. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කොට කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, එම සාකච්ඡාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු වගකිව යුතු නිලධාරීන් සහ උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් සියළු දෙනා සහභාගි කරවා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.
කඩිනම් සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම්, ලිපියේ සඳහන් දින සිට දින 14 ක් ඇතුලත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට පිවිසීමට සිදුවන බව ද අවධාරණය කර සිටිමු.
