වෘත්තීය සමිති මර්ධනයට එරෙහි ජාතික සමුළුව

වෘත්තීය සමිති මර්ධනයට එරෙහි ජාතික සමුළුව

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටළු විසදන්න තියන උවමානාවට වඩා ඒක පාවිච්චි කරලා මර්ධනය ගේන්න ආණ්ඩුවට ඕනේ වෙලා තියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්චා සියල්ල කරලා තියෙන්නේ උසාවියට අවශ්‍ය බොරු සාක්ෂි හදා ගන්න බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කැඳවුම්කරු වෘත්තීය සමිති මර්ධනයට එරෙහි ජාතික සමුළුවේදී පැවසා සිටියා.

කුමුදේස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, එක පැත්තකින් ආණ්ඩුවේ බලල් අත් එන්නේ මේක අවුට් සෝස් කරන සැලසුම අරගෙන. අනිත් පැත්තේන් හෙන ගහපං මාධ්‍ය කලාව, සම්පූර්ණයෙන්ම සැලසුම් කරපු කලු මෙහෙයුමක්. අලුත්ම එක විදිහට මර්ධනය එන්නේ රෝගීන් සුරැකීමේ සංවිධාන කියන බෝඩ් එක ගහගෙන. රටේ ව්‍යවස්ථා සම්පාදනයට තියන ඉහලම ආයතනයේ ඉස්සර හිටියේ දේශපාලකයන්. දැන් ඉන්නේ දේශපාලකයන්ගේ පාතාලය මෙහෙයපු අය. ඒකට තමා අපිට 'වියත් පාර්ලිමේතුව' කියලා කියන්න වෙලා තියෙන්නේ. මේ වගේ මන්ත්‍රීලා එක්ක වෘත්තීය සාකච්ඡා කරන්න පුළුවන් කමක් නෑ. ඒ අය දන්න්නේ මදාවි වැඩ විතරයි. ජනාධිපතිතුමා රටේම ජනාධිපති. අගමැතිත් එහෙමයි. නමුත් ඒ ගොල්ලේ සාකච්ඡා කරන්නේ පොහොට්ටුවේ සමිති එක්ක විතරමයි. ඒ විදිහට අපිට එලියට බහිනවා හැර වෙනත් විකල්පයක් නැහැ අදහස් දැක්විය.

මේ අවස්ථාවට, දෙවිකා කොඩිතුවක්කු, උපුල් රෝහණ, සමන් රත්නප්‍රිය ඇතුළු සිවිල් සමාජ නායකයින් සභාව අමතන ලදි.