වෘත්තීය සමිති තෙවැනි දිනටත් අඛණ්ඩ වැඩවර්ජනයේ

වෘත්තීය සමිති තෙවැනි දිනටත් අඛණ්ඩ වැඩවර්ජනයේ
නිරායුධ අරගල කරුවන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකින් රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික හා අවිධිමත් අංශවල වෘත්තීය සමිති ආරම්භකරන ලද අඛණ්ඩ වැඩවර්ජනය තුන්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.මෙම වර්ජනයේ ක්‍රියාත්මක වන්නේ "මැරයන්ට දඬුවම් දෙනු… ගෝඨාභය ගෙදර යනු" යන පාඨය මුලිකවයි.
 
ඒ සඳහා සෞඛ්‍ය සේවය,වරාය,තෙල්,විදුලි,ගුරු විදුහල්පති,වතු ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්ව සිටින අතර සෞඛ්‍ය වෘත්තිකයින් ද වැඩ වර්ජනයට සහය පළ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.