ම්ලේච්ඡ ප්‍රහාරය ගුවන් නියමුවන් හෙළාදකියි

ම්ලේච්ඡ ප්‍රහාරය ගුවන් නියමුවන් හෙළාදකියි
ගාලුමුවදොර පිටියේ පැවති සමකාමී විරෝධතා ව්‍යාපාරයට එල්ලවූ ප්‍රහාරය දැඩිව හෙළාදකින බව ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය (The Airline pilots Guild of Sri lanka) පවසයි.
 
නීතියේ ආධිපත්‍ය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පුරවැසියන්ට පවත්නා අයිතීන් සමඟ හිටගන්නා බව  එම සංගමයේ සභාපති කපිතාන් සුරංග රණසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
 

මෙම හිංසනයට එරෙහිව නීතිමය වශයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත්, බලධාරීන් විසින් ඒ් පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාස කරන බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.