බවුසර් හිමියන් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වෙයි

බවුසර් හිමියන්  තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වෙයි
රට තුළ පවතින වාතාවරණය සාමාන්‍ය වන තෙක් තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
 
මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා  ප්‍රකාශ කළේමේ වනවිට බෙදාහැරීමේ කටයුතු සඳහා පැමිණි සියලුම ටැංකි රථ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නවත්වා තිබෙන බවයි.