වර්ජනය අවසන්

වර්ජනය අවසන්

ජන අරගලයට අත තැබූ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්මට බල කල ඒකාබද්ධ වර්ජනය වර්ජනය අවසන් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව, හෙට උදේ 7 සිට මහජන සේවා යථා තත්වයට පත් කිරීම පිළිබදව වෘත්තීය සමිති අවධානය යොමු කර ඇති බවත්, රට ආරාජිකත්වයට පත්වීම වැලැක්වීම මෙම පියවර ගත් බවත්, ඉදිරියේදී ජන අරගලය ශක්තිමත් කිරිමට නව මුහුණුවරකින් තම දායකත්වය අරගලයට ලබාදෙන බවයි.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබා දී ඇති බැවින්, තවදුරටත් රට තුල ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මවීම වැලකිය යුතු අතර,  ආගම් අන්තවාදීන්, හොරුන්, දේශපාලන මැරයින්, හොරුන්ට ජන අරගලය අතට ගැනීමේ ඉඩ වැලකිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.