රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කරයි

රාජ්‍ය සේවකයින් කැඳවීම සීමා කරයි

පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් - එම්.එම්.පී.කේ. මායාදුන්නේ විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඉන්ධන හා පොදු පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හා අනෙකුත් කාරණා සියල්ල හේතු කොටගෙන රාජ්‍ය සේවකයින් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති අතර, අත්‍යවශ්‍ය අවම නිලධරයක් පමණක් අද (26) සිට සේවයට කැඳවීම හා  රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාමට මෙයින් බාධායක් නොවිය යුතු බව එහි වැඩිදුරටත් දැක්වා ඇත.

එම චක්‍රලේඛය පහතින් දැක්වේ.