රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
ඒ අනුව, සේවක වැටුප් ගෙවීමට භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමේදී පිළිගත හැකි සාධාරණී කරණයක් එම සංදේශය ට ඇතුළත් කළ යුතු බවටත් ජනමාධ්‍ය අමාත්යංශය විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානි වෙත ලිඛිතව දැනුම්දී ඇත.
ඒ අමාත්‍යංශයේ සංවර්ධන, සැලසුම් හා තොරතුරු අතිරේක ලේකම් ටී.එම්.එස්.බී. ජයසුන්දරගේ අත්සනින් යුතුවය.
එහිදී අදාළ ආයතනය සම්බන්ධයෙන් පහත කරුණු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
- 2022 වර්ෂය සඳහා ව්‍යාපාර සැලැස්ම.
- වර්තමාන සේවක සංයුතිය හා අත්‍යවශ්‍ය සේවක සංඛ්‍යාව හඳුනා ගැනීම.
- සේවක විශ්‍රාම ගැනීම හා ස්වෙච්චා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමයක් (VRS) හඳුන්වා දීම.
- මූලික වැටුපෙන් අඩක් ගෙවා නිදහස් කල හැකි සේවකයන් හඳුනා ගැනීම.
- අවම සේවක සංඛ්‍යාවක් පවත්වා ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද හඳුනා ගැනීම.
- වැටුප් සඳහා සමස්ත මාසික වියදම.
- වියදම් පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග.
- මෙම ක්‍රියාමාර්ග සහ එමඟින් කොපමණ ප්‍රගතියක් ඉතිරිකර ගැනීමට පියවර ගෙන තිබේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව (නිෂ්පාදන වියදම්, විදුලිය, අතිකාල දීමනා,.... ආදිය)
- ආදායම වැඩි කරගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග.
(the leader)