දුම්කොළ නිවරාණ වැඩසටහනට ඉඩ ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුට චෝදනා

දුම්කොළ නිවරාණ වැඩසටහනට ඉඩ ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුට චෝදනා

දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය පිළිබඳ ජාතික අධිකාරිය සංවිධානය කළ වැඩසටහන් සඳහා චේතනාන්විතව ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ටී. ජී. එස්. ප්‍රකාශ් විසින් විසින් ඒ සඳහා අවසර ලබානොදීම පිළිබඳව පියවර ගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) I විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් සම්බන්ධයෙන් වහාම විමර්ෂනයක් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවර්නගේ සංගමය ඉල්ලා ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂක ටී. ජී. එස්. ප්‍රකාශ් මහතා විසින් ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පිරික්ෂකවරුන්ගේ සංගමයට එවන ලද ලිපිය හා ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පිරික්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.

 

ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය

සෞඛ්‍ය අමාත්‍යාංශය

සුවසිරිපාය

කොළඹ 10

ගරු සභාපති

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

අංක 09, කඳවල පාර

රත්මලාන

මහත්මයාණනී,

ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා මාගේ විශේෂඥතාවය සහ අත්දැකීම යොදාගැනීමට අවස්ථාව ලබා නොදීම සම්බන්දවයි

ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා මාගේ විශේෂඥතාවය සහ අත්දැකීමද ලබාගැනීමේ අරමුණින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිතුමන් විසින් 2022. 04. 06 දින කැඳවා තිබූ රැස්වීමට මා හට සහභාගී වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)I විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතා විසින් අවසර ලබානොදීම නිසා මම ඉතා කණගාටුවටත් ඉච්ඡාභංගත්වයටත් පත්ව සිටිමි.

මේ සම්බන්ධයෙන් මටද පිටපත් සහිතව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)I ඇමතූ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිතුමන්ගේ අංක NATA/WHO/02/2022 සහ 2022. 04. 01 දිනැති A planning meeting to implement tobacco-free zones in all MOH areas හිසැති ලිපිය මගින් (ලිපියේ පිටපතක් අමුණා ඇත) ඒ සඳහා මා හට ආරාධනා කර තිබූ අතර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)I මගින් මා ඒ සඳහා මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබුණි. මේ සම්බන්දයෙන් මා ඊට අදාළ ලිපිගොනුව මගින් අවසර පැතූ අතර ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් 2022. 04. 06 දින පෙරවරුවේ වාචික විමසීමක් සිදුකළ අවස්ථාවේ එම කටයුතු වලට සහභාගී නොවන ලෙස උස් හඬින් වාචිකව ප්‍රකාශ කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වශයෙන් වසර දහයක් සේවය කර ඇති මම එම සේවා කාලයෙන් අඩකටත් වඩා, එනම් 2015 වසරේ සිට මේ දක්වා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා කටයුතුකර ඇත්තෙමි. ඊට අදාළව විවිධ පර්යේෂණ සිදුකරමින් එම පර්යේෂණ ප්‍රතිපල දෙස් විදෙස් පර්යේෂණ සම්මන්ත්‍රණවලදී ප්‍රකාශයට පත් කිරීමට මා කටයුතුකර ඇත. එසේම මෙරට මහ ජනතාවගේ බදු මුදලින් විදෙස් සංචාර වල නිරත වෙමින් විදෙස් රටවල දුම්කොළ නිවාරණය පිළිබඳව අත්දැකීම් ලබාගෙනද ඇත්තෙමි. තවද මා මූලිකත්වය ගෙන නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ දුම්කොළවලින් තොර කලාප නිර්මාණය සඳහා වන පියවර දහයක වැඩපිළිවෙල විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම වැඩපිළිවෙල මේ වන විට දිවයින පුරා දුම්කොළවලින් තොර කලාප නිර්මාණය සඳහා සාර්ථකව යොදා ගනිමින් තිබේ (මාගේ පර්යේෂණ පත්‍රිකා ලැයිස්තුව මේ සමග අමුණා එවමි). ඒ අනුව ශ්‍රී ලංකාවේ දුම්කොළවලින් තොර කලාප නිර්මාණය සම්බන්දයෙන් මා විශේෂඥතාවයක් සහ අත්දැකීම් ඇති නිලධාරියෙකු බව පැහැදිළි වනවා ඇතැයි සිතමි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආවරණය වන පරිදි දුම්කොළවලින් තොර කලාප 362ක් නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යන බව ඉහත සඳහන්කළ අංක NATA/WHO/02/2022 සහ 2022. 04. 01 දිනැති ලිපිය මගින් පැහැදිළිවේ. ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සම්බන්දයෙන් මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් බව නොකිවමනාය.

නමුත් කණගාටුවට කරුණ නම් මහජන බදු මුදලින් පඩි ලබන, ශ්‍රී ලංකාවේ දුම්කොළවලින් තොර කලාප නිර්මාණය සම්බන්දයෙන් නිශ්චිත විශේෂඥතාවයක් සහ අත්දැකීම් ඇති රාජ්‍ය නිලධාරියෙකු වන මා එම ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට අවසර නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා)I විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතා ඉතා අත්තනෝමතික හා අසාධාරණ ආකාරයට කටයුතු කිරීමයි.

උක්ත නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් මේ ආකාරයෙන් හැසිරෙන්නේ ඔහුට මා සමග ඇති පුද්ගලික අමනාපයක් නිසාද (මෙතුමන් මින් පෙරද පවතින කාර්යාල පටිපාටිවලට එදිරිව යමින් මා ස්ථාන මාරු කිරීමට කටයුතු කළ බවද සිහිපත්කරනු කැමැත්තෙමි) එහෙමත් නැතිනම් ඔහුට ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා ඇති නොකැමැත්ත හේතුවෙන්ද යන්න උභතෝකෝටිකයකි.

දුම්කොළ නිවාරණය සම්බන්දයෙන් කතා කිරීමේදී ඊට එදිරිව දුම්කොළ සමාගම් විසින්ම ගොඩනැගෙන සංවිධානාත්මක හා සංකීර්ණ ප්‍රතිවිරෝධතා හෙවත් දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් පිළිබඳවද අප නිතර කතා කරමු. එවැනි පසුබිමක් තුල උක්ත නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ දුම්කොළවලින් තොර කලාප නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට එරෙහිව එල්ලවූ දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීමක් වියහැකිද යන්න කෙනෙකුට සැක සිතෙන්නට පිළිවන. නොඑසේ නම් මෙය ශ්‍රී ලංකාවේ විශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇති දුම්කොළ උවදුර පිටුදැකීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල අකර්මන්‍ය කිරීම මගින් රජය අපකීර්තියට පත්කිරීමට ක්‍රියාත්මක වන යම්කිසි වැඩපිළිවෙලක්ද යන්නද කෙනෙකුට සැක සිතෙන්නට පිළිවන.

උක්ත නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාකලාපය හේතුවෙන් මම ඉතා කණගාටුවට පත්ව සිටින අතර, මාගේ විශේෂඥතාවන් සහ අත්දැකීම් මාගේ මාතෘ භූමියේ සහ තමන් ගෙවන බදු මුදලින් මාගේ පඩිපත සරිකර දෙන සුවහසක් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් යෙදවීමට නොහැකිවීම පිළිබඳව ඉච්ඡාභංගත්වයෙන් පසුවෙමි.

මේ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකර මා හට සිදුවී ඇති අසාධාරණය සම්බන්දයෙන් මැදිහත්වන ලෙස කාරුණිකව ඉල්ලමි.

මීට විශ්වාසී,

ටී. ජී. එස්. එල්. ප්‍රකාශ්

මහජන සෞඛ්‍ය පරීක්ෂක 

පර්යේෂණ පත්‍රිකා ලැයිස්තුව

පර්යේෂණ පත්‍රිකා

1.     Prakash, T.G.S.L.*, Kumara, S.G.P., Niwarthana, H.P.G., Abeynayake, T., Abeykoon, P. and Pallewaththa, P.W.K. (2018) Combating Second Hand Smoking with Community Participating ‘Smoke Free Zones’: Sri Lanka Experiences. LIFE: International Journal of Health and Life-Sciences, 4(3), pp.72-85. https://doi.org/10.20319/lijhls.2018.43.7285

2.     Pallewaththa, P., Niwarthana, G., Thambiliyagodage P., Abenayaka, T. and Abeykoon, P. (2016) Prevalence and Pattern of Alcohol Use among Government Officers in Urban Sri Lanka. International Journal of Health Economics and Policy, 1(1), pp.37-40. https://doi.org/10.11648/j.hep.20160101.16

කෙටි පර්යේෂණ පත්‍රිකා (Short Communications)

1.     Pallewaththa, P.W.K., Prakash, T.G.S.L.*, Kumara, S.G.P., Niwarthana, H.P.G., Abeynayaka, T. and Abeykoon, P. (2017) Factors establishing smoke-free zones in Sri Lanka. Tobacco Prevention & Cessation, 3, pp.1-2. http://doi.org/10.18332/tpc/76576

පර්යේෂණ සාරාංශ

1.     Prakash, S.L., Abeykoon, P., Niwarthana, G., Malshan, B., Nanayakkara, S., Nanayakkara, J. and Rohana, U. (2021) Community participating ‘Smoke Free Zones’ against second hand smoking in Sri Lanka; Present and future. In 13th Asia Pacific Conference on Tobacco or Health. Bangkok, 3-4 September. Bangkok: Medical Association of Thailand. pp.48. https://doi.org/10.18332/tid/141029

2.     Niwarthana, G., Prakash, S.L. and Abeykoon, P. (2021) Tobacco advertisement, sales, product displays, and purchase incentives around kindergartens, primary, and secondary schools in Sri Lanka. In 13th Asia Pacific Conference on Tobacco or Health. Bangkok, 3-4 September. Bangkok: Medical Association of Thailand. pp.37-38. https://doi.org/10.18332/tid/140949

3.     Prakash, S.L., Abeykoon, P., Nanayakkara, S., Nanayakkara, J., Rohana, U., Niwarthana, G. and Malshan, B. (2021) Progress of tobacco control activities in Sri Lanka: A study based on the global youth tobacco surveys. In 13th Asia Pacific Conference on Tobacco or Health. Bangkok, 3-4 September. Bangkok: Medical Association of Thailand. pp.27-28. https://doi.org/10.18332/tid/140984

4.     Godage, S.L.P.T., Gamachchige, P.K.S., Pathirannehelage, G.N.H., Abeykoon, P. and Pallewaththa, P.W.K. (2019) Ten steps process for establish ‘Smoke Free Cities’ against second hand smoking in Sri Lanka. In 4th ENSP-SRP International Conference on Tobacco Control 2019. Bucharest, 27-29 March 2019. Bucharest: The European Network of Smoking and Tobacco Prevention, Romania. pp.59. https://doi.org/10.18332/tpc/105179

5.     Prakash, T.G.S.L., Nanayakkara, M.S.S.A., Jayatissa, N.A., Kumara, S.G.P., Niwarthana, H.P.G., Abeynayaka, T.D., Abeykoon, P. and Pallewaththa, P.W.K. (2018) Lessons Learnt from National Program of Establishing Smoke Free Zones in Sri Lanka. In 12th Asia Pacific Conference on Tobacco or Health 2018. Bali, 13-15 September 2018. Jakarta: National Committee on Tobacco Control, Indonesia. pp.153.

6.     Pallewaththa, P.W.K., Prakash, T.G.S.L., Niwarthana, H.P.G., Kumara, S.G.P., Abeykoon, P. and Abeynayaka, T.D. (2016) Exploring factors associated with smokeless tobacco use among urban communities in Sri Lanka. In 17th International Postgraduate Research Conference 2016. Kelaniya, 8-9 December 2016. Kelaniya: University of Kelaniya, Sri Lanka. pp.177. http://repository.kln.ac.lk/handle/123456789/16079

7.     Pallewaththa, P.W.P.W.K., Prakash, T.G.S.L., Niwarthana, H.P.G., Kumara, S.G.P. and Abeykoon, P. (2016) Exploring factors affecting establishment of smoke free zones in Sri Lanka: A qualitative study. In Wayamba International conference –WinC2016. Kuliyapitiya, 19-20 August. Kuliyapitiya: Wayamba university of Sri Lanka. pp.175.