රාජ්‍ය සේවයේ සිටින කොටසකට පාපැදි ලබා දීමේ සූදානමක්

රාජ්‍ය සේවයේ සිටින කොටසකට පාපැදි ලබා දීමේ සූදානමක්

වර්තමානයේ රට තුල පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 30,000 ක් සඳහා පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වී ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

වාහන තදබදයටත් ඉන්ධන හිඟයටත් මේක හොඳයි. යැයිද අජිත් කේ.තිලකරත්න මහතා තව දුරටත් කිය.