සේවකයින්ට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දුම්රිය ගණනාවක් අවලංගුයි

train-cancelled

දුම්රිය සේවකයින් සදහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදි මතුව ඇති ගැටළු නිසා නියමිත වේළාවට දුම්රිය සේවකයින් හට සේවයට පැමිණීමට නොහැකිවීම නිසා අද උදෑසන ධාවනයට නියමිත දුම්රිය ගණනාවක් අවලංගු වී දුම්රිය නගා සිටුවිම සදහා වු වෘත්තීය සමිතිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉන්ධන ගැටළුව විසඳා ගැනීම සඳහා කිහිපවරක් දන්වා සිටියත් ඔහුගේ වගකීම් විරහිත ක්‍රියාමාර්ගයන් නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවත්, ඒ සඳහා විරෝධය පළකිරීමට සියළු දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.