අප දිගින් දිගටම පෙන්වා දුන් පරිදි ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ සෞඛ්‍ය පද්ධතිය ඉදිරි කාලය තුල බරපතල කඩා වැටීමේ අවදානමකට මුහුණ දී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ
එක් පැත්තකින් ඖෂධ හිගයක් පවතින අතර බොහෝ ඖෂධ වල මිල ගණන් ජනතාවට දැරිය නොහැකි මට්ටමකට ඉහල ගොස් ඇත. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම වැනි දීර්ඝ කාලීන සුලභ රෝගී තත්ත්වයන්ගේ පෙලෙන රෝගින්ට ලබා දෙන ඖෂධ වල මිල ඉහල යාම හරහා බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුව ඇත.
නිලධාරි තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවත්, කවදත් ඖෂධ ක්ෂේත්‍රය වෙලා ගෙන තිබු දූෂණ හා අක්‍රමිකතා අඛණ්ඩව ඉදිරියට යාමත් මේ තත්ත්වයට සෘජුවම වගකිව යුතු බව පැහැදිලිය.
මේ වර්ෂය සදහා ඖෂධ ඇණවුම් කිරිම් නිසි කලට සිදු නොවීමත්, සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පැහැර හැරිම හරහා ඔවුන් ඖෂධ ආනයන කටයුතු වලින් ඉවත්වීමත් පවතින තත්ත්වයන්ට සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත.
මේ හරහා මතුව ඇති ඖෂධ හිගය ඖෂධ මාෆියාවට ආශිර්වාදයක් වි ඇත. ඒ හදිසි මිලදී ගැනීම් නම් කඩතුරාවට මුවා වෙමින් අසීමාන්තික ලෙස වාසි සලසා ගැනිමට පාර්ශව කිහිපයකට අවස්ථාවන් සැලසිමෙනි. විගණකාධිපති වාර්තා හෙලි දරව් කරන පරිදි මේ හරහා සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයන් තුල රු 6.00 ට මිලදී ගැනිමට තිබූ සමහරක් ඖෂධ පෙත්තක් රු 600/- කට වඩා අධික මුදලකට මිලදී ගැනිමට සිදුවන අවස්ථා වාර්තා වෙයි.
මහජන බදු මුදලින් රුපියල් බිලියන 100 කට අධික අති විශාල මුදලක් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියට යොදවන පසුබිමක මේ සිදුවන මුදල් නාස්තිය කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කල නොහැක.
ඒ අනුව පවතින අර්බුදකාරි තත්ත්වය කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර තුලින් විසදා ගැනීම අත්‍යාවශ්‍ය බව අප යෝජනා කරමු.
II. ඉන්ධන අර්බුදය ආකාර කිහිපයකින් සෞඛ්‍ය පද්ධතියට බරපතල ලෙස අභියෝග කරමින් සිටියි.
මෙම තත්ත්වයන් නිසි ලෙස කලමණාකරණය නොකලහොත් සෞඛ්‍ය පද්ධතිය මේ හරහා බරපතල කඩා වැටිමකට ලක්වීමට නියමිතය.
දැනට රෝහල් ගිලන්රථ හා විදුලි ජනක යන්ත්‍ර සදහා සීමිත ඉන්ධන තොග මධ්‍යම ගමනා ගමන මණ්ඩලයට අයත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන හරහා ලබා දුන්නද ඉදදිරි කාලය තුල ඒ හරහා පහසුකම්ද මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත් වෙමින් ඇත.
රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණිමට අවශ්‍ය ඉන්ධන ලබාදීම සම්බන්ධ යෝජනා වී ක්‍රියාත්මක වන සිකුරාදා දින ඉන්ධන බෙදා හැරිමේ වැඩසටහන මේ වන විට අභියෝග රැසකට මුහුණ දී ඇත.
හදුනාගත් ඉහත ගැටලුකාරි තත්ත්වයන් ඉදිරි කාලයේදී මතුවිය හැකි බරපතල අනතුරක් පිලිබද ඉගි කරයි.
මේ වන විටත් අප විසින් පෙන්වා දී ඇති විසදුම් වල සාර්ථක අසාර්ථක බව නිරන්තරයෙන් හා සමීපව සුපරික්ෂාවන්ට ලක් කරමින් වෙනත් විකල්පයන් සදහා ඇති අවස්ථාවන් දෙස විවෘත මනසකින් යුක්තව අවධානය යොමු කරමින් කටයුතු නොකලහොත් ඉදිරි සේවා බිද වැටිම්ක් වලක්වා ගත නොහැකි වනු ඇත.
ඒ සදහා බලධාරින්ට ඇත්තේ අත්හල නොහැකි වගකීමකි. මන්ද යත් අවසානයේ සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමක් හරහා ජීවිත වලින් වන්දි ගෙවීමට වනුයේ රටේ පොදු ජනතාවට වන බැවිනි.
මහජන සහයෝගය ලබා ගනිමින්, එවන් ප්‍රායෝගික විසදුම් උදෙසා යොමු විමකින් තොරව ඉදිරි අභියෝග ජයගත නොහැකි බව යලි යලිත් අවධාරණය කරමු.
