1943 වසරේ කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතා ආරම්භ කළ ලංකා බැංකු සේවක සංගමය, 1988 වසරේ දී සංශොධිත ව්‍යවස්ථාව යටතේ දේශපාලන ආර්ථික හා සමාජයීය අර්බුද මැදින් කම්කරු පන්තියේ ජයග්‍රහණ සඳහා වන වැඩපිළිවෙලක් වෙනුවෙන් ලංකා බැංකු සේවක සංගමයේ 13 වන ජාතික නියෝජිත සම්මේලනය ජුලි 08 දින මහරගම, ජාතකි තරුණ සේවා සභාවේ ප්‍රධානන ශාලාවේදී දේශීය හා විදේශීය වෘත්තීය සමිති නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා බැංකු සේවක සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙහි ප්‍රධාන අමුත්තා ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රතීර්ති මහතා සහභාගිවීමට නියමිත අතර, මෙම සම්මේලනයේ දී,
දිවයින පුරා විසිරී ඇති සංගමයෙ නියෝජනය සහිත බැංකු 18 ක සියලුම ශාඛාවල ශාඛා නියෝජිතයින් 3200 ක් පමණ මෙම නියොජිත සම්මේලනයට සහභාගී වීමට නියමිතව තිබුණත් රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සීමාවී ඇති තත්වය හේතුවෙන් නියෝජිතයින් 500 කට පමණක් සහභාගිත්වය සීමාකර ඇත.
