පවතින දේශපාලනික, සමාජ සහ ආර්ථික අර්බුදය අවසන් කිරීම ඉලක්ක කරගත් නව ජනාධිපතිවරයෙක් සහිත පාලන තන්ත්‍රයක් පත්කර ගැනීමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් දස වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඉදිරි වසර 2 කට අධික කාලයක් සඳහා නව ජනාධිපතිවරයෙක් හෙට දින පාර්ලිමේන්තුව මඟින් පත් කරනු ලැබීමට නියමිතය. ඒ සමඟම නව අග්‍රාමාත්‍යවරයෙක්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හා රජයක් බිහි වීම පිළිබඳ කරුණු ඉදිරිපත් වී ඇත.
පැවති පාලන තන්ත්‍රයේ නායකකාරකාදින්ගේ අසමත් බව හේතුවෙන් තිව්‍ර වූ දේශපාලනික හා සමාජ ආර්ථික අර්බුදය නව පාලන තන්ත්‍රයක් හරහා යම් තාක් දුරකට හෝ සමනය වනු දැකීම සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ පැතුමයි.
එහිදි අද (20) දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ ක්‍රියාකාරිත්වය දෙස මුලු රටම බලා සිටියි. ඉදිරි කාලසීමාවක් සඳහා රටේ අනාගතය තීරණය කිරීම නොයෙකුත් චෝදනාවන්ට ලක්ව ඇති බහුතර නියෝජිත පිරිසක් සහිත ජනතා විශ්වාසය පලුදු වී ඇති වර්තමාන පාර්ලිමේන්තුවට නැවත පැවරීමට සිදුවීම කනගාටුදායක කරුණකි.
කෙසේ නමුත් පවතින ව්‍යවස්ථා රාමුව තුල එය මඟ හැරිය නොහැකි කරුණක් වී ඇත.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප අවධාරණය කරනුයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට නතු නොවි, ජනතා අභිලාශයන්ට අවනත වෙමින් ජාතික න්‍යාය පත්‍රයක් සඳහා කැපවෙමින් තම හෘද සාක්ෂියට අනුව හෙට දින තුල නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේදී මෙන්ම අනාගත පාලන තන්ත්‍රයක් පිහිටු විමේදි ද කටයුතු කළ යුතු බවයි.
අදාල තෝරා ගැනිමේදි පහත කරුණු කෙරෙහි ජනතා නියෝජිතයන් විසින් සැලකිලිමත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සිහිපත් කරමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප ඉදිරිපත් කරන ඉහත කොන්දේසි සම්පූර්ණ කරන වැඩපිළිවෙලක් සහිත පාලනයක් හෙට දිනයේ සිට රටේ වගකීම භාර ගැනීම මේ මොහොතේ දැඩි පීඩනයට සහ අසිරුතාවයට පත්ව සිටින සමස්ථ රටවැසියන්ට යම්තාක් දුරකට හෝ අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් වනු ඇත.
