දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනබව වාර්තා වේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ප්‍රවේශ පත්‍ර ගාස්තු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසදීමට පොරොන්දු වීමත් සමග මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටවූ බව ය.

ඒ අනුව, සිය සේවා කටයුතු අද (24)පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.