ඉන්ධන හිගය ඇතුළු රටතුළ පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කර එම තීරණයට එළඹි බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම චක්‍රලේඛ නිකුත් කරනු ලැබුවද එය වැරදි ලෙස භාවිත කරමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ. ඉකුත් සිකුරාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
