මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවේ - ඇමරිකානු තානාපතිනිය

මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවේ - ඇමරිකානු තානාපතිනිය

එක් රැයක් තුළ විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය කනස්සල්ල පළ කළ බව මෙරට සිටින ඇමෙරිකානු තානාපතිනිය වන ජුලී චුන්ග් පවසා තිබේ.

ට්විටර් පණිවිඩ පෙළක් එක්කරමින් ඇය පවසා ඇත්තේ වඩා යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට මේ මොහොතේදී අවස්ථාවක් සහ වගකීමක් පවතින බවයි.

මෙය, පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොව, ජනතාවගේ විශ්වාසය නැවත දිනාගැනීමට, ස්ථාවරත්වය ඇති කර ආර්ථිකය යළි ගොඩනැගීමට රජයට ගත හැකි පියවරයන් පිළිබඳව ඉදිරිය දෙස බැලීමට කාලය බවත් ඇය පෙන්වා දෙයි.

(ශ්‍රී ලංකා මිරර්)