ඉන්ධන අක්‍රමිකතා-යාපනය බස් වර්ජනයක්

ඉන්ධන අක්‍රමිකතා-යාපනය බස් වර්ජනයක්
යාපනයේ ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ සියල්ලක්ම වර්ජනය කිරීම නිසා රජයේ සේවකයින් පාසැල් සිසුන් ඇතුළු යාපනයේ විශාල පිරිසකට ගමනාගමන පහසුමක් නොමැතිව ඔවුන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබේ.
 
යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ගේට්ටු හා බාධක යොදා වසා දමා තිබූ අතර බස් නැවතුම්පලට පැමිණි පිරිස බස් රථ නොමැතිකම නිසා බස් නවතුම් පළේම අතරමංවි සිට ඇත.
 
යාපනයේ බස් රථ වලට ඉන්ධන බෙදා දීමේදී අක්‍රමිකතා රැසක් සිදුවන බවත්, බලධරීන් ප්‍රකාශ කරන අන්දමට බස් රථ වලට ඉන්ධන නොලැබෙන බවත් කියමින් මෙම බස් රථ වර්ජනය දියත් කොට තිබේ. 
 
වර්ජනයේ නිරත ලංගම සේවකයින් කියා සිටින්නේ යාපනයේ ලංගම බස් රථ වලට වඩා වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික බස් රථ ඇති බවත්,  ඒවාට ලංගම තෙල් පිරවුම් හල් වලින් ඉන්ධන නිකුත් කිරීම නිසා ලංගම බස් රථ වලට ප්‍රමාණවත් අන්දමට ඉන්ධන නොලැබෙන බවයි.
 
ඒසේ වුවද, පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ ඔවුන්ට ලංගම බස් ඩිපෝ වලින් ඉන්ධන ලබා ගැනීමට යමේදී කිසිදු සැලකිල්ලක් නොමැති බවත්, පැය ගණන් පෝලිම් වල සිටීමට සිදුවන බවත්ය.
 
කෙසේ වෙතත් බස් රථ වර්ජනය නිසා යාපනය නගරයම දැඩි ලෙස පාළුවට  ගොස් ඇත.