හදිසි නීතියට සංශෝධනයක් - මානව හිමිකම් රකින්න ඒ් ඇත්ද?

හදිසි නීතියට සංශෝධනයක් - මානව හිමිකම් රකින්න ඒ් ඇත්ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලි   මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කරනු ලැබ තිබේ.
 
එම නීති සංශෝධනය කර ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
 
ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.
 
මේ සම්බන්ධයෙන් අදහස් පළකරනු ලබන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මෙසේ පවසයි.
 
උපුටා ගැනීම.
 
"ජනාධිපති රනිල්-‍රාජපක්ෂ විසින් පනවන ලද හදිසි නීති මගින් රෙගුලාසි මගින් #LGBT ප්‍රජාවට බලපාන නියෝගය අගෝස්තු 05 වන දින තවත් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කරගෙන තිබෙනවා. ලංකාවේ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයින් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මේ ගන්නා ලද ක්‍රියාමාර්ගය අගය කළ යුත්තකි. 
මුලින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්ති වල දඬුවම් වසර 20 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් වශයෙන් වැඩි කර තිබුණි. නමුත් සමාජ ක්‍රියාකාරින් සහ ජනතා විරෝධය හමුවේ අගෝස්තු 05 වන දින නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් මේ දණ්ඩනය වැඩිවීම පමණක් හදිසි අවස්ථා රෙගුලාසිවලට යටත්ව ඉවත් කරගෙන තිබෙනවා. එසේ වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ එම වැරැදී මුල් දඬුවම් සමග එලෙසෙම තිබෙන බව සටහන් කළ යුතුය. ඒ නිසා කෝකටත් පරිස්සමෙන්. 
 
අනෙක් වැදගත්ම කාරණය වන්නේ දැන් මේ Lgbt Sri Lanka අයට විතරක් අදාළව මේක සංශෝධනය කිරිමෙන් රටේ උද්ගත වී තිබෙන මූලික ප්‍රශ්නයෙන් රනිල්-‍රාජපක්ෂ ආණ්ඩුවට ගැළවී යා නොහැක. රටේ මානව හිමිකම් කෙරෙහි පොදුවේ බලපාන හදිසි නීතිය ඉවත කරගන්නා තුරු අපි එකා වගේ අරගල කරමු. 
නිදහස කියන්නේ අපි ඔක්කොටම ඕනා. හාමු ඒක තේරුම් ගන්න."
 
උපුටා ගැනීම නිමි.