ගුරු සංගම් නායක ස්ටාලින්ට ඇප
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මීට ස්වල්ප මොහොතකට පෙර ඇප මත මුදාහැර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඔහුට ඇප නියම වූ බව වාර්තා වේ.
ඉකුත් මැයි 18 වන දින පැවති විරෝධතාවකට අදාළව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ ප්‍රදේශයකට ඇතුළු වූ බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු එළඹෙන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබුණත්, අද දවසේ නීතිඥයින් විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඔහුට ඇප නියමවී තිබේ.
කෙසේ වෙතත් ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට පුරා පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද දිනයේ කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබුණු අතර කෑම පැයේදී පාසල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.