පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් තිව්‍ර වෙමින් ඇති ළමා මන්දපෝෂණය හරහා අනාගතයට සිදුවන දරුණු හා අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සය වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, පවතින ආර්ථික අර්බුදය ජන ජිවිතයට සිදු කර ඇති බලපෑම සුලු පටු නොවන අතර, දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය පොදු ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. අඩු ආදායම්ලාභි ප්‍රජාවට මේ හරහා ඇති වන බලපෑම අති විශාලය.
පවතින අර්බුදය තුල තම පෝෂණ අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව ජනතාවගෙන් අති බහුතරයකට ගත හැකි ප්‍රධාන තීරණ දෙකකි.
මේ සියල්ල හරහා මඟ පාදනුයේ මන්දපෝෂණ තත්ත්වයකට බව පැහැදිලිය.
මන්දපෝෂණයේ ප්‍රධානම බලපෑම එල්ලවිය හැක්කේ ළදරුවන්ට හා ළමුන්ට බව අවිවාදිතය. මීට අමතරව ගර්භනි මව්වරුන් අරභයාද විශේෂිත අවදානම් තත්ත්වයක් මතුව පවතියි.
අනාගතයේ ශ්‍රම බලකාය බවට පත් වීමට සිටින අද දවසේ ළමා පරපුර මන්දපෝෂණයට ගොදුරු වීම සමස්ථ රටේ ඉදිරි ගමන පිළිබඳව අදුරු චිත්‍රයක් මවා පායි. එබැවින් ළදරු හා ළමා මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ යාම හරහා රටේ අනාගතය කෙරෙහි සිදු කරන බලපෑම තීරණාත්මකය.
යුනිසෙෆ් (UNICEF) සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ගණනාවක්ද මේ වන විටත් මතු වෙමින් පවතින භයානක තත්ත්වය පිළිබඳ අනතුරු හඟවා ඇත.
ඔවුන් පෙන්වා දෙන පරිදි රටේ සමස්ථ ජනගහනයෙන් මිලියන 5.7 ක් ආහාර අර්බුදයේ ඍජු බලපෑමට ලක්ව සිටියි. ඒ අතර මිලියන 2.3 ක ළමා ජනගහනයක් සිටීම කෙරෙහි විශේෂ අවධානයක් ලබා දිය යුතුමය.
යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ ඇස්තමේන්තුව අනුව හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් සඳහා සහන සැලසීමට දල වශයෙන් ඩොලර් මිලියන 25 ක ප්‍රතිපාදන අවශ්‍ය වෙයි.
ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි දකුණු ආසියාව තුල මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවැනි වනුයේ ඉන්දියාවට පමණි.
පවතින අවදානම් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංගමයක් ලෙස බලධාරීන් වෙත පහත සය වැදෑරුම් වැඩපිළිවෙල යෝජනා කරමු.
බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා සාධනීය උත්සාහයන් සඳහා සංගමයක් ලෙස අප හට ලබා දිය හැකි උපරිම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දීමට ප්‍රතිඥා දෙමු.
