මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඔවුන් එක් එක් රටවල් සදහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුල සිදු කර ඇති සමීක්ෂණ වල දත්ත සංසංදනය කර ශ්‍රී ලංකාව සදහා 2016 වසරේ කරන ලද ජනවිද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එනම් කෘෂ බව 15 % සැලැකිල්ලට ගෙන ඇත.
නමුත් 2021 අග භාගයේ වෛද්‍ය පර්යේෂණ ආයතය මගින් සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි. එමෙන්ම වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමග දරුවන් මරණයට පත්වීමේ සහ රෝග වලට බදුන්වීමේ අවධානමක් මෙරට දන්නට නොලැබෙන බවත් හෙතෙම පැවසීය.තවද මැරමස්, ක්වොශියොකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්ද දක්නට නොලැබෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (06) පැවැති මාධ්‍ය හමුවක දී මෙම කරුණූ අනාවරණය විය.
මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙන දුන්නේ
යුනිසෙෆ් ආයතනය මෑතක දී මෙරට මන්දපෝෂණය වැඩිවී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය එය පිළීගැනීමට හෝ එකගත්වයට පත්වන්නේ නැතැයිද ලේකම්වරයා පැවසීය. දරුවන්ගේ මන්දපෝෂණයට බලපාන ප්‍රධාන සාධක තුනක් වන මිටිබව, කෘෂබව, උසට සරිලන බර යන ප්‍රධාන සාධක 03 සළකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවත්, යුනිසෙෆ් ආයතනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතා පැරණි කාල පරාසයක් තුල ඇතැම් දත්ත බවද හෙතෙම කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස සියළු දත්ත පිළිබද විශ්ලේෂණය කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාව ඉතා විශිෂ්ට අයුරින් සිදු කරන බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටම දක්වා විහිදී යන සෞඛ්‍ය ජාලයක් ශ්‍රී ලංකාව සතුව ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය. එම ජාලය සමග එක්ව සෞඛ්‍ය දත්ත එක්රැස් කර විධිමත්ව පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා මෙම දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන බවද ඒ මහතා පැවැසීය.
මේ පිළිබදව මෑතක දී යුනිසෙෆ් ආයතනයේ ප්‍රධානියාට කරුණු පැහැදිලි කර දැනුවත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යතුමා පියවර ගත් බවද ලේකම්වරයා පැවැසීය. ආහාරවල සුරක්ෂිතතාව ඇති කිරිම සදහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සමග පෝෂණ සුරක්ෂිතතා වැඩසටහනක් හදිසි පෝෂණ සැළැස්ම යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කොට ඇති බවත්, පෝෂණ අංශයත් මහජන සෞඛ්‍ය අංශයත් එක්ව ජුලි මාසය වන විට එම පෝෂණ සැළැස්ම සකස් කර ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාරවල හිගතාවයට මුහුණ දීමට ඊට සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, ඉදිරියේ දී එවන් තත්ත්වයක් ඇති නොවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ වගකීමෙන් කටයුතු කරන බව ද පැවැසීය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය ) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය -
“මෙරට මහජන සෞඛ්‍ය සේවාව ගත් කළ මෙම කලාපයේ සියළු මහජන සෞඛ්‍ය දර්ශක අතරින් ඉදිරියෙන්ම සිටින බව පැවසීය. සෑම විටම දත්ත මත පදනම්ව, සාක්ෂි මත පදනම්ව මහජන සෞඛ්‍ය පිළිබඳ අප තීරණ ගත් රටක් බවද මෙහිදී පෙන්වා දුන්නාය මෙම දත්ත ගැන කථා කරන විට ඒවා යාවත්කාලීන දත්ත විය යුතුයි. අපි මහජන සෞඛ්‍ය සේවා ජයග්‍රහණය කර ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැමිණ අහඹු ලෙස තෝරා ගන්නා සායනවලට පර්යන්තවලට ගොස් පිරික්සුම් ලැයිස්තුව සමග සැසදීමෙන් පසුවය. අපි මහජන සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ළඟා කරගෙන ඇති රටකි. මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන එච්.අයි.වි අපි තුන්කර ගත්තා. ඉන් වසර 02 කට පසු 2021 කොවිඩ් වසංගත සමයේ පැමිණ පරීක්ෂා කර ප්‍රකාශ කළේ එය හොදින් නඩත්තු කරන බවයි. ඒ වගේ අපි දත්ත වලට බය නැහැ. හැබැයි දත්ත නිවැරදි විය යුතුයි. නිවැරදි ලෙස විශ්ලේෂණය කළ යුතුයි. අපි දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සිදු කළ ක්‍රියාවලිය එලෙසම නොකඩවා පවත්වාගෙන යනවා. බර කිරීම, ගර්භනී මාතාවන් පරික්ෂා කිරීම, අවශ්‍ය විටමින් ලබාදිම, ත්‍රීපෝෂ ලබාදීමේ වැඩපිළිවෙල වැනි දේවල්. කොවිඩ් වසංගතය ප්‍රභලව පැවැති කාලයේ අපි කළේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙයින් ගෙට ගොස් ඒවා ලබාදීමෙන්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා-
ආහාර ගත යුතු සංයුතිය, ගුණාත්මකභාවය ඇතුලු ආහාර පිළිබදව වැදගත් තොරතුරු රැසක් ඇතුලත් පොතක් අපි ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික පෝෂණ ප්‍රතිපත්තිය මේවන විට කැබිනට් මණ්ඩලයට ලබා දී තිබෙනවා.
නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය.
“යුනිසෙෆ් සංවිධානය නොයෙකුත් ආයතන සමග එක්ව සිදු කර තිබෙන විශ්ලේෂණය පැරණි දත්ත මත පදනම්ව සිදු කර තිබෙනවා. Demographic health Service එක Health Survey කියන සමීක්ෂණය පදනම් කරගෙන අවුරුදු 05 න් 05 ට කරන සමික්ෂණයක්. 2016 වසරේ එය අන්තිමට සිදුකර 2021 එය කොවිඩ් තත්ත්වය නිසා සිදු කිරීමට නොහැකි වුණා. මෙරට සාමාන්‍ය සෞඛ්‍ය සේවාව ගත් විට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව පෝෂණ අංශයත් සමග එකතු වෙලා බිම් මට්ටමෙන් එකතු කරන දත්ත මාසිකව එක්රැස් කරනවා. ඊට අමතරව සෑම වසරකම තෝරා ගත් මාසයක සියළුම අවුරුදු 05 ට අඩු ළමයින්ගේ පෝෂණ තත්ත්වය මැනීමට අපි දැනුවත් කරනවා. එය ලොකු වැඩපිළිවෙලක්. දැනට ඇති වර්තමාන දත්ත ගත් විට ඔය කියන තත්ත්වයට වඩා වෙනස්. 2016 තියෙන තත්ත්වයට වඩා වෙනස්. මේ වගේ ආර්ථීක පසුබෑමකට ලක්ව තිබෙන රටක මන්දපෝෂණ තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමට අපි හදිසි පෝෂණ සැළැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනෙකුත් සියළු පාර්ශව වෙත නිර්මාණය කර තිබෙනවා. මේක අපි අද කරපු එකක් නොවෙ. පෙර සුදානමක් ඇතිව කළ වැඩක්.”
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.