විදුලිබල ඇමතිතුමාට ලියමනක්
ජීවත්වීම සාදහා අත්‍යාවශ්‍ය උවමනාවක් සපුරා ගැනීමට නොහැකි මහ ජනතාවට පිට වැඩි බදු ප්‍රමාණයක් පටවමින් විදුලිබල මණ්ඩලයේ ඓතිහාසික පාඩු පියවා ගැනීමට උත්සාහ කිරීම කිසිසේත්ම සාධාරණ නැත. මේ වන විට විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින්නේ, ඔබ විසින් වැඩි බදු ප්‍රමාණයක් එක කර ගැනීමට උත්සාහ දරණ සාමාන්‍ය මහ ජනතාව හෝ ඔවුනගේ සුභසාධනය පිළිබදව නිරන්තරව කැපවෙන ආගමික හෝ ප්‍රජා මූලික ආයතන හේතුවෙන් නොවන බැවින්, විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට වැඩි දායකත්වයක් දැක්වූ පාර්ශවයන් සදහා වැඩි බරක් පැටවෙන බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස අප ඔබට යෝජනා කරමු.
ඉතා අඩු විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන, අත්‍යවශ්‍ය විදුලි පරිහරණයකට පමණක් සීමා වී ඇති අන්ත දිළිඳු ජනතාවට 300%ක පමණ බදු බරක් පටව, වැඩි විදුලි පරිභෝජනයෙන් සහිත ධනවතුන් සදහා අඩු බදු ප්‍රමාණයක් පැටවීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියාමන මූලධර්මයන්ට පවා පට හැනිය. එසේම අඩු ආදායම්ලාභී, දේශපාලකයින්ගේ වැරදි විසින් පීඩාවට පත් කර ඇති මහ ජනතාවගේ සුභ සාධනයට යම් හෝ අස්වැසිල්ලක් සපයමින් සිටින ආගමික හා ප්‍රජා මූලික අයතන සදහා 500%කටත් වඩා බදු වැඩි කිරීම, බංකොලොත් වූ රටක වැඩිම අවධානය යොමු විය යුතු 'සමාජ ආරක්ෂණ දැල' අමු අමුවේම ඉරා දමා ඇත.
එසේම, විදුලිබල පනතේ 30වන වගන්තිය ප්‍රකාරව මණ්ඩලය විසින් දරා ඇති සාධාරණ වියදම් අයකර අයකර ගැනීමේ හැකියාව තිබියදී, මෙලෙස සාමාන්‍ය මහජනතාව පිට සියලු බර පැටවීම කිසිසේත්ම සාධාරණ නොවන බව පෙන්වා දෙමු. විදුලිබල මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යවස්ථානුකූලව පවරා ඇති නීතිමය කටයුතු උල්ලංගනය කිරීමත්, කෝප් කමිටුවත් පාර්ලිමේන්තුවටත් වග නොකියන කාර්ය සාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්, දීර්ඝකාලීන හා කෙටිකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකරමින්, ඩීසල් මාෆියාවට ඉඩදීම සදහා අඩු වියදම් පුනර්ඡනනීය බලාගාර මග හැරීම, වැනි වැරදි දේශපාලන හා කළමනාකරණ තීන්දු හේතුවෙන් ඇතුවූ අලාභයටත් සාමාන්‍ය මහ ජනතාවට වගකිව නොහැකි බව අප අවධාරණය කරමු. එසේම, බිලියන ගණන් ගජ මිතුරු ණය ගැතියන් ගෙන් මුදල් අය නොකර මින් (රුපියල් බිලියන 36), විගණනයක් නැති නීති විරෝධී විදුලිය මිලදී ගැනීම් සදහා තවදුරටත් අනුබල දෙමින්, හිතාමතා කරන වංචා සහගත අලාභය පාරිභෝගිකයාට පැටවීම අප කිසිසේත් අනුමත නොකරමු.
කිසිදු වැටුප් හෝ ආදායම් වැඩිවීමකින් තොරව, උද්ධමනය 75%කින් හා ආහාර උද්ධමනය 95%කින් වැඩි වී ඇති අවස්ථාවක, බැංකු සහ මුල්‍ය ආයතන වල පොලී ප්‍රතිශතය සියයට 18ත් 30ත් අනුපාතයකින් වැඩිකර ඇති මොහොතක, ජල බිල හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වැඩි වී ඇති මොහොතක මෙම අසාධාරණ මිල වැඩීම රටේ මහ ජනතාවට ගෙවන්නට බැරි බවත්, එය ගෙවා දැමීම සදහා පුරවැසියන් සමග සාමූහික තීරණයකට එළඹීමට පෙර සාධාරණය ඉටු කරන ලෙසත්, ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
එසේම විදුලි බලමණ්ඩලයේ පාඩුව හේතුවූ පහත කරුණු පිළිබදව විධිමත් විමර්ෂණයක් සිදු කර, මහජනතවට බර පැටවීම වෙණුවට, මහජනතාවට වගවෙන ඇමතිවරයෙක් ලෙස කට යුතු කරන් ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
රකුස්.
