කොවිඩ් එන්නත් අපතේ යයිද ?

කොවිඩ් එන්නත් අපතේ යයිද ?

දිවයින පුරා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්‍යාල මට්ටමින්  කොවිඩ් වැලැක්වීමේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන විශේෂ සායන සැප්තැම්බර් 24, ඔක්තෝබර් 01 සහ ඔක්තෝබර් 08  දිනයන් පැවැත්වේ. අවම වශයෙන්  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයක සායන තුනක් හෝ පැවැත්වීම සිදුවෙයි. ඊට අමතරව මෙතෙක් පවත්වාගෙන පැමිණි සියලු සායන ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වෙයි.මේ දිනයන්හි එම එන්නත් ලබා දෙන ස්ථානයකට පැමිණ  තුන්වැනි  සහ සිව් වන කොවිඩ් අමතර (බූස්ටර් ) මාත්‍රා ලබා ගන්නා ලෙස සෞඛය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ,වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා සමස්ත මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

යම් හෙයකින් මේ දිනයන්හි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මහජනතාව නොපැමිණියහොත් එම එන්නත් අපතේ යාමෙන් විශාල ජාතික ධනය ප්‍රමාණයක් නිකරුණේ අපතේ යා හැකි බව  විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසුවේ මතුවූ  ප්‍රශ්නයකට ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ  විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා  මහත්මිය ප්‍රකාශ කලේ 21 වෙනි දින සවස ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් ත්‍රිපෝෂ සම්බන්ධව එල්ලවී තිබෙන  චෝදනාව පිළිබදව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන   වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කරනු ඇති බවයි. එම වාර්තාවෙන් හෙලිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යලි එකතු කිරීම හෝ නොකිරීම පිලිබව පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී 21 වෙනි දින මාධ්‍ය හමුව පැවැත්වින .