ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කරන්න -ප්‍රොටෙක්ට් සංගමය ඉල්ලයි

ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කරන්න -ප්‍රොටෙක්ට් සංගමය ඉල්ලයි
C189 අපරානුමත කර ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු නීතී සහ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා අද දින හැටන් ප්‍රොටෙක්ට් සංගමය විසින් හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයට ලිපියක් භාර දුන්නා.
 
ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති කරුපයියා මයිදිලී සහ තවත් සමාජිකයින් පිරිසක් අද හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්‍යාලයේ සහකාර කම්කරු කොමසාරිස් ශාන්ත වීරසිංහ මහතා වෙත ලිපියක් බාර දෙමින් ඉල්ලා සිටියේ ගෘහ සේවක ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල් වරයා සමග සාකච්ඡාවක් සූදානම් කර දෙන ලෙසයි.
 

මෙහිදී ඒ මහතා ඊට එකඟ වූ අතර හැකි ඉක්මනින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු විය.