උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට වාසියක්!

උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට වාසියක්!
උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට දැනට ගෙවනු ලබන දින 30 ක ප්‍රසූත නිවාඩුව වෙනුවට දින 84 ක දීමනාවක් ගෙවීමට ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
ශ්‍රි ලංකා උප තැපැල් ස්ථානාධිපති සේවා ව්‍යවස්ථාවට අනුව උප තැපැල් ස්ථානාධිපතිවරියක විසින් තම දරු ප්‍රසූතියේ දී තම වියදමින් ආදේශකයෙකු සේවයේ යොදවා ගැනීමට යටත්ව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට හිමිකම් ඇති අතර එම කාලසීමාව තුළ දී ආදේශක දීමනාව වශයෙන් දින 30ක දෛනික වැටුපට සමාන දීමනාවක් පමණක් ගෙවනු ලබයි.
 
ප්‍රසූත නිවාඩු කාලය තුළ සිය වියදමින් ආදේශකයෙකු සේවයේ යෙදවිය යුතු නිසා උප තැපැල් ස්ථානාධිපතිවරියන්ගේ ප්‍රසූත නිවාඩු කාලය දින 30 කට පමණක් සීමා කිරීම මේ වන විට සිදුව ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මාස 06 ක ප්‍රසුත නිවාඩු කාලයක් අනුමත කර තිබෙන පසු බිමක ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබී ඇත.