ඇමරිකාවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සඳහා ඖෂධ හා උපකරණ

ඇමරිකාවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සඳහා ඖෂධ හා උපකරණ

කොවිඩ් ව්‍යසනයෙන් පසු වත්මන් තත්වය තුළ ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම කෙරෙහි රජය මේ වන විට ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය  ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය හමුවේ  පැවසීය.

ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ඉහළම අවධානයක් යොමු කර ඇති පසුබිමක ආහාර සුරක්ෂිතතාවය හා ජනතාවගේ පෝෂණ තත්ත්වය කෙරෙහිද ඒ තුළ ප්‍රමුඛ අවධානය ලබා දී ඇතැයිද ඒ මහතා කීය.

මෙහිදී ඇමරිකානු ඩොලර් 70,000 ක් පමණ වටිනා හදිසි ප්‍රතිකාර මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කිරීම සිදුවිය.මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක අතර ඒ අනුව දිවයිනේ තෝරාගත් රෝහල්හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය මෙන්ම හදිසි ප්‍රතිකාර සේවා ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් ඒය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති Julie J.Chung මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුව  සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.