ටෙන්ඩරය අහෝසිය ගැන විධිමත් පරික්ෂණයක් කරන්න

ටෙන්ඩරය අහෝසිය ගැන විධිමත් පරික්ෂණයක් කරන්න

රජයට අවාසි වන ලෙස ටෙන්ඩර අහෝසි කර නැවත පල කිරීම පිළිබදව විධිමත් විමර්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  රුධිර කැටි ගැසීම පිළිබද පරීක්ෂණයක් (APTT) සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීම සදහා ඖෂධ සංස්ථාව විසින් පසුගිය අගෝස්තු මාසයේ කැදවූ ටෙන්ඩරය (Tender Ref: DHS/ICL/X/RL/30/22 Closed on 08.08.2022) වසා දමා, එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිල දී ගැනීම සදහා නැවත එම සංස්ථාව විසින්ම, නොවැම්බර් තුන් වැනිදා ටෙන්ඩරයක් (Reference DHS/RL/145NK/21 Closing on 03.11.2022) කැදවා ඇත.

ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල් වල එම පරීක්ෂාව කල නොහැකි තත්වයක් තිබියදී, වලංගු කිරීමේ පරීක්ෂණ සිදු නොකර කල් හරිමින් සිට  ටෙන්ඩරය අහෝසිකොට ඇත. ඖෂධ සංස්ථාවත්, නියාමන අධිකාරියත්, අදාල වලංගු කිරීමේ ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින විශේෂඥයින් බොරු කඹ ඇදීමක් පෙන්වා, තමන්ට අවශ්‍ය සමාගමට අවස්ථාව ලැබෙන තුරු මෙලෙස ටෙන්ඩර අවලංගු කිරීම සහ නැවත පල කිරීම සැලසුම් සහගත හොරකමක එක් අදියරයක් විය හැකි බැවින් මේ පිළිබදව විධිමත් විමර්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

තවද, ඖෂධ නියාමන අධිකාරියේ  අනුමත Esmolol එන්නත් කුප්පියක මිල රු. 2000/= ව තිබියදී, ඖෂධ සංස්ථාව විසින් කුප්පියකට රු. 90000/= ක් ගෙවමින්, කුප්පි  රුපියල් මිලියන 22 ක පාඩුවක් රජය සිදු කර ඇති බවට සමාජ මාධ්‍යයේ වාර්ථා වන තොරතුර පිළිබදවද වහා විමර්ෂණයක් සිදු කොට නිවැරදි තොරතුරු හෙලිදරව් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.