විසි එක රටේ නීතිය බවට පත්වෙයි

විසි එක රටේ නීතිය බවට පත්වෙයි

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඔක්තෝබර් 31වැනිදා සිය අත්සන යොදා සහතික සටහන් කරන ලදි.

ඒ අනුව අද සිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වෙයි.

මෙම පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂානී රෝහණධීර සහභාගීවූහ.