පළමුව ආරක්ෂාව කීවත් - යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙක් මරුට!

පළමුව ආරක්ෂාව කීවත් - යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙක් මරුට!

ඛනිජ වැලි පිරිපහදු කොට විදේශ රටවලට අපනයනය කරන දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙකු සේවයේ යෙදී සිටින අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්සයට පත්ව තිබේ.

අලුත්වැඩියා කරමින් තිබූ එම යන්ත්‍රය හදිසියේ ක්‍රියාත්මක වී සිදු වූ අනතුරකින් ඉකුත් 20 වන දින රාත්‍රීයේ මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කජුවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි 47 හැවිරිදි එච්.ජී. තිලකසිරි නමැති දෙදරු පි‍යෙකු බව වාර්තා වේ.

ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව ඛනිජ වැලි පිරිපහදු කරන කර්මාන්තශාලාවේ වැලි හලන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා කාර්මික ශිල්පීන් කීපදෙනෙකු පෙරවරුවේ සිට සේවයේ යොදවා තිබී ඇත.

ඒ අනුව දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව පස්වරුවේ මෙම ශිල්පියා ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමකින් තොරව යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම් සිදු කරන අවස්ථාවේදී එම යන්ත්‍රය ආපස්සට ක්‍රියාත්මක වී හිස කොටස යකඩ බාර් දෙකකට තදවීමෙන් බරපතළ අනතුරකට ලක්ව තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණු බව පොලිසිය පවසයි.

මියගිය කාර්මික ශිල්පියා වසර 15කට අධික කාලයක් මෙම කම්හලේ සේවය කරන අයකු බව නිවැසියන් හා සේවකයින් විසින් ලබා දුන් තොරතුරු අනුව අනාවරණය වී ඇත.