රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ නව චක්‍රෙල්ඛයක්

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ නව චක්‍රෙල්ඛයක්

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ස්වේච්ඡා සමාජ සංවිධාන  / රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛණයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින්  2020 නොවැම්බර් 29 වන දින නිකුත් කර ඇති අංක 06 දරණ චක්‍රලේඛණය මඟින් සියළුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත  ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා කාර්ය පටිපාටිය මෙමගින් දන්වා ඇත.

ආරක්ෂක අංශය වැනි විවිධ රාජ්‍ය අයතන වලට මෙම තොරතුරු අවශ්‍ය බැවින් වාර්ෂිකව මෙම තොරතුදරු ලබාගෙන අදාළ ලිපි ගොනුවට ඇතුළත් කළ යුතු බව චක්‍රෙල්ඛණයේ වැඩිදුරටත් සඳහන් වන අතර,  එය නිකුත් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා විසිනි.

එම නිවේදනය පහතින් දැක්වේ