රාජ්‍ය නිලධාරීන් ලක්ෂයකට රජයෙන් අනඟි අවස්ථාවක්!

රාජ්‍ය නිලධාරීන් ලක්ෂයකට රජයෙන් අනඟි අවස්ථාවක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘NEXT GEN’ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධීකරණයක් ඇති කිරීමට රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් (100,000) සඳහා ඩිජිටල් තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුවක් දීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව කඩිනම් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් තොරතුරු තාක්ෂණය ලබාදීම සිදුවන අතර, එම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 02 වෙනි දින සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැඟීම සඳහා කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වාදුන් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බවද මේ සඳහා අධ්‍යාපන අංශයේ සියලු ආයතනවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති කනක හේරත් පවසන්නේ උසස් පෙළ කලා අංශයේ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය, නව විෂය නිර්දේශයක් යටතේ ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.