ග්‍රාම නිලධරිනුත් මාරු කිරීමට තීරණයක්

ග්‍රාම නිලධරිනුත් මාරු කිරීමට තීරණයක්

එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුණු විට එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අනෙක් සියලු ග්‍රාම නිලධාරීන් ස්ථාන මාරු කිරීම අනිවාර්ය බවත්, ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී ඇත.